පැසිෆික් කලාපයේ දූපත් සියල්ලටම සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරයි.. දශකයකට අධික කාලයකට පසුව බලපෑ ප්‍රබල භූ කම්පනයක් ගැන ඇසෙන කතාව මෙන්න..
Wednesday, 30 July 2025 - 17:06 | Views - 101
රුසියාවේ, නැගෙනහිර කලාපයේ කම්චැට්කා අර්ධද්වීපයට අද පෙරවරුවේ ප්‍රබල භූමිකම්පාවක් හටගත්තා.. 

රික්ටර් මාපාංක 8.8ක ප්‍රබලත්වයෙන් යුත් එය සැලකෙන්නේ මෑත කාලයේ ලොව වාර්තාවූ ප්‍රබලතම භූ කම්පනයක් ලෙසයි..
භූ කම්පනයත් සමඟ ජපානය සහ හවායි දූපත් වෙතද සුනාමි රළ කඩා වැදීම් වාර්තාවුණා..

රුසියාවේ ඈත නැගෙනහිර කලාපයේ කම්චැට්කා අර්ධද්වීපයට කිලෝමීටර් 126ක් දුරින් පිහිටි උතුරු පැසිෆික් සාගර කලාපයේ කිලෝමීටර් 18ක ගැඹුරින් මෙම ප්‍රබල භූකම්පනය වාර්තා වුණා..

එය සටහන් වුණේ රික්ටර් මාපාකාංක 8.8ක් ලෙසයි..

2011 වසරේ ජපානයට බලපෑ රික්ටර් මාපාංක 9.1ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයෙන් දශකයකට අධික කාලයකට පසුව ප්‍රබලත්වයෙන් වැඩිම භූ කම්පනය ද මෙයයි..

භූ කම්පනයෙන් පසු කම්චැට්කා අර්ධද්වීපයේ ප්‍රදේශවලට මෙන්ම ජපානය සහ හවායි දූපත් වෙත සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරනු ලැබුවා..

ඒ අනුව කස්චැට්ස්කි වෙත අඩි 10 සිට 13ක් දක්වා ද ජපානය වෙත අඟල් 12ක් උසටද මුහුදු රළ කඩා වැදීමේ පූර්ව සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණා..

සුනාමි අනතුරු ඇඟවීම නිකුත් කිරීමෙන් පැය කීපයකට පසු රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයේ සෙවෙරෝ - කුරිල්ස්ක් වෙත අඩි 10ත් 13ක් අතර උසකින් සුනාමි රළ කඩා වැදීම සිදුවුණේ මේ අයුරින්..

සුනාමි රළ කඩා වැදීමෙන් පසුව එම නගර ප්‍රදේශය සම්පූර්ණයෙන්ම මුහුදු ජලයෙන් යටවී ගියා.. මෙම නගරයේ ජනගහණය ආසන්න වශයෙන් 2000ක් පමණ වන බවයි වාර්තාවන්නේ..

සෙවෙරෝ - කුරිල්ස්ක් වෙතට සුනාමි රළ තුනක් බලපෑ අතර තුන්වන රළ පහරින් වරායට සහ නෞකා රැසකට හානි සිදුව ඇති බව රුසියානු මාධ්‍ය වාර්තාකරනවා...

භූ කම්පනයේ බලපෑම හේතුවෙන් කම්චැට්කා හි පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවද රුසියානු මාධ්‍ය පවසනවා...

එමෙන්ම භූ කම්පනයේ සහ සුනාමි රළ පහරින් බලපෑම් එල්ල වී ඇති සකාලින් කලාපයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටද රුසියා රජය පියවර ගෙන තිබෙනවා...


රුසියාව වෙත බලපෑ මෙම සුනාමි රළ පහරින් පසුව ජපානයේ වෙරළාසන්න ජනතාවට ද සුනාමි රළ පිලිබඳ අනතුරු ඇඟවීම් නිවේදනය කෙරුණා..

2011 වසරේ ජපානයට බලපෑ භූ කම්පනයෙන් සහ සුනාමි රළ පහරින් විනාශයට පත් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාර සේවකයින් ද ආරක්ෂිත ස්ථාන වෙත යොමුකළ බවයි ජපාන මාධ්‍ය වාර්තා කළේ..

මිට අමතරව ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවා ඇත්තේ ජපානයේ තවත් වෙරළාසන්න ප්‍රදේශවලට අඩි 9.8 ක් තරම් උස රළ පහර එල්ල විය හැකි බවයි..

ජපානයට බලපෑ සුනාමි රළ හේතුවෙන් වෙරළාසන්නව දිවි ගෙවු මිලියන 2කට ආසන්න පිරිසකට ඉවත්වන ලෙස දැනුම් දී ඇති අතර ඒ අතර හොක්කයිදෝ හි පුද්ගලයින් 10,500ක් සිටින බවයි වාර්තාවන්නේ...

මේ ජපානයට බලපෑ සුනාමි රළ පහරත් සමගින් තල්මසුන්ද වෙරළ තීරයන් වෙත ගොඩගසා තිබූ අයුරුයි...

මේ අතර අමෙරිකාවද ඇලස්කාව සහ හවායි මෙන්ම ගුවාම් සහ මයික්‍රොනීසියා දූපත් වෙත සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබුවා..

මේ හවායි හි ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත කඩිනමින් ගමන් කළ ආකාරයයි..

සාමාන්‍යයෙන් ජනතාවගෙන් පිරී පවතින හවායි වෙරළ තීරය ජන ශුන්‍ය කලාපයක් ලෙස දිස්වුණේ මේ අයුරින්..

කෙසේවෙතත් ඇතැම් හවායි වැසියන් වෙරළ තීරයේ ඉවත්වීමේ අනතුරු ඇඟවීම් නොසළකා හරිමින් මසුන් ඇල්ලීමේ නිරතව සිටියේ මේ අයුරින්..

බටහිර හවායි දූපත් වෙත අඩි 7කට උසින් සුනාමි රළ කඩා වැදීමක් සිදුවනු ඇති බවයි අමෙරිකා එක්සත් ජනපදය අනතුරු අඟවන්නේ..

රුසියාවේ, කම්චැට්කා අර්ධද්විපය ආසන්න පැසිෆික් සාගර කලාපයේ ඇතිවූ භූකම්පනයේ බලපෑමෙන් හටගත් සුනාමි තත්ත්වය සමඟ චීනය, පිලිපීනය, ඉන්දුනිසියාව, පේරු, ඉක්වදෝරය, ගුවාම් සහ පැසිෆික් කලාපයේ දූපත් සියල්ලටම සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කෙරුණා.. 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top