රේගුවේ රඳවාගෙන ඇති BYD වාහන ගැන JKCGගෙන් නිවේදනයක්..
Wednesday, 30 July 2025 - 17:02 | Views - 120
මෑතකදී ආනයනය කරන ලද විදුලි වාහන තොගයක මෝටර් ධාරිතාව පිළිබඳ ගැටළුවලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ BYD වාහන සඳහා බලයලත් බෙදාහරින්නා වන ජෝන් කීල්ස් CG ඔටෝ (පුද්ගලික) සමාගම සඳහන් කර ඇත්තේ, සියලුම වාහන කිලෝවොට් 100 (kW) මෝටරවලින් සමන්විත බවත්, දේශීය රෙගුලාසිවලට අනුකූලව ආනයනය කර ඇති බවත්.

ශ්‍රී ලංකා රේගුව සමග සහයෝගයෙන් කටයුතු කරන බවත්, මෙම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය සියලු ලියකියවිලි සපයන බවත්, එම ආයතනය නිල ප්‍රකාශයක් නිකුත් කරමින් පවසනවා.
 
BYD වාහන චීනයේ නිෂ්පාදකයාගෙන් සෘජුවම ආනයනය කර ඇති බවත්, සිංගප්පූරුව වැනි ජාත්‍යන්තර වෙළඳපොළවල අලෙවි කරන මාදිලිවලට සමාන බවත්, එම සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා.

මෝටර් ධාරිතාවන්හි සැක සහිත විෂමතා හේතුවෙන් කොළඹ වරායේ BYD විදුලි වාහන 1,000කට ආසන්න ප්‍රමාණයක් රඳවාගෙන ඇති බවට මාධ්‍ය වාර්තා පළ වීමෙන් පසුවයි ජෝන් කීල්ස් CG ඔටෝ (පුද්ගලික) සමාගම විසින් මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ.

එම නිවේදනය පහතින්,

Share This Article
Hiru Tv Blog
අද ඇයට ගොඩක් විශේෂ දවසක්.  අතුල - සමිතා යුවලගේ ආදරණීය දියණිය කාවින්ද්‍යා අධිකාරිගේ...
Hiru Tv Blog
ටනාෂා හතරසිංහ කියන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ , ජනප්‍රිය රංගන ශිල්පිනියක්.  ඔන්න...
Hiru Tv Blog
උමාරා සිංහවංශ කියන්නේ ලංකාවේ ජනප්‍රිය වගේම දක්ෂතම ගායිකාවක් සහ සංගීත ආචාර්යවරියක්..ඇගේ...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top