සහභාගී වුණානම් අනිවාර්යයෙන් දිනනවා... ඔහුට අහිමි වුණු ඒ අවස්ථාවත් හිමි වුණා නම්.., කාය වර්ධන ජීවිතය කරගත් හර්ෂ් ලැබූ ජයග්රහණයකින් පසු කියූ ඒ කතාව මෙන්න..
ඔහු කායවර්ධනය ගැන කතා කරන්නේ ගොඩක් ආසාවෙන්..
ඔහුගේ ජීවිතයේ තියන ලොකුම ඇබ්බැහිය තමයි කායවර්ධනය කියන්නේ..
මේ කතාව මොකක් ගැනද..? ක්රීඩාවක් තමන්ගේ ජීවිතයේම කොටසක් කරගත්ත මේ පුද්ගලයා නමින් හර්ෂ් ඩී. පීරිස්..
ඔහු ගැන බොහෝ දෙනා කතා වෙන්නේ මෑතකදී තායිවානයේ පැවති තවත් එක් තරගයක් නිසායි..
IFBB ප්රෝ ලීග් කායවර්ධන ශූරතා තරගාවලියේදී හර්ෂ් ජයග්රහණ රැසක් තමන් සතු කරගන්නට සමත් වුණා..
දින තුනක් පුරා තායිවාන්, තායිපේ හිදී පැවති මෙම තරගයට රටවල් 25ක් නියෝජනය කරමින් තරගකරුවන් 1300ක් පමණ සහභාගීවී තිබුණා..