යටිනුවරම රත්කළ තවත් කතාවක්.. අබිරහසක් ඉතුරු කරමින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ඇතුළු නිවැසියන්ගේ මළ සිරුරු හමුවෙයි..
Tuesday, 29 July 2025 - 15:40 | Views - 159
මේ කියන්න යන්නේ තවත් එක් ඇඟ සලිත වන ආරංචියක්.. ඇත්තටම මේ කතාව අවසානයේ ඇත්තේ තවත් නොවිසඳුනු අබිරහසක්ද..?

ඊයේ (28) රාත්‍රී කාලයත් අද (29) අළුයම් කාලයත් අතරතුර දී පේරාදෙණිය පොලිස් වසමේ යහලතැන්න ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු සියදිවි නසාගෙන ඇති බවත්, කාන්තාවන් දෙදෙනෙකු නිවස තුළම මියගොස් සිටින බවටත් පේරාදෙණිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා..

පේරාදෙණිය - යහලතැන්න - සුනිලගම ප්‍රදේශයේ පිහිටි නිවසේදී යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා සියදිවි හානි කරගෙන තිබෙනවා..

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් කියා සිටියේ එම නිවසේ නිදන කාමරයක් මත තිබී ඔහුගේ බිරිඳගේ සහ වැඩිමහල් දියණියගේ ද මළ සිරුරු සොයාගෙන ඇති බවයි..

සියදිවි හානිකරගත් යටිනුවර ප්‍රාදේශීය සභා විපක්ෂ නායකවරයාගේ වයස අවුරුදු 52ක් වන අතර බිරිඳ 44 හැවිරිදි වියේ පසුවනවා..

එමෙන්ම වැඩිමහල් දියණිය 17 හැවිරිදි වියේ පසුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ..

බිරිඳ සහ දියණියගේ මරණවලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද ඔහු සඳහන් කළා..
 
 
Share This Article
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
ඉන්දියානු සිනමාවේ "වීනස් දේවතාවිය" ලෙස හැඳින්වුණු, රංගන ප්‍රාතිහාර්යයක්වූ...
Hiru Tv Blog
කවුරුත් කතා වෙන ඒ දෙන්නාගේ අලුත්ම තොරතුරු දැනගන්න කවුද ඉතින් අකමැති..    ගොඩක්...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top