වෙඩික්කරු ඔහුටම වෙඩිතබාගෙන.. අමෙරිකාවම රත්කළ ඒ සිදුවීමෙන් බිලිගත් ජීවිත ගණන 6ක්..
තවමත් ඒ සිද්ධිය ගැන පුළුල් විමර්ශන සිදුවෙනවා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන අද ඇසුණු කතාවයි..
අමෙරිකාවේ මැන්හැටන්හි ඊයේ (28) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් තුවක්කුකරු ඇතුළු හය දෙනෙකු මිය ගොස් ඇති බව නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා...
මියගිය අයගෙන් එක් අයෙක් නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ..
මෙම වෙඩි තැබීම 51 වන වීදිය සහ පාර්ක් මාවත අසල සිදුව ඇති බවටයි වාර්තා වෙන්නේ.. කෙසේ වෙතත් මේ සිද්ධිය සම්බන්ධයෙන් පර්‍යේෂණ පවත්වන පිරිස තුවක්ක කරු කවුරුන්දැයි සොයාගෙන තිබෙනවා..
තුවක්කුකරු ෂේන් තමුරා ලෙසයි හඳුනාගෙන ඇත්තේ..