ඇය ගැන හිතට දැනෙන ආඩම්බරය කියාගන්න බැරි තරම්.. නිදහස් අධ්‍යාපනයෙන් ලොවක් දින්නට මග විවර කරගත් පේරාදෙණියේ විදුනි..
නිදහස් අධ්‍යාපනය කියන්නේම දරුවෙකුට ලැබෙන සවිමත් අත්තටු ද්විත්වයක්..
ඒ අත්තටුවලින් හැකිතාක් දුර නිදහසේ පියඹා යන්න වරම් දිනාගත් තවත් එක් වාසනාවන්ත දියණියක් ගැනයි මේ කතාව..
ඇය නමින් විදුනි කීර්තිසිංහ.. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පසුගිය දා පැවති උපාධි ප්‍රධානෝත්සවයේදී ඇගේ නම කියවුණේ වරක් දෙවරක්, නෙවෙයි..
ඇත්තෙන්ම ඇය දක්ෂතාවයේ උපරිමයටම ගොස් එහි පල නෙලාගත් දිනයක් බවට ඊයේ ඒ උපාධි ප්රදානෝත්සවයේදී බොහෝ දෙනාට ප්රත්යක්ෂ වුණා..
ඒ දවස ඇගේ කරගැනීමට තරම් ඇය භාග්‍යවන්තියක් වුණා.. අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් ඇය සුදුසුකම් ලබන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයටයි..