මේ PDF එක ඔයාටත් ලැබුණා වෙන්න පුළුවන්.. රැවටෙන්න එපා දැනුවත් වෙන්න..
ඇතැම් අවස්ථාවලදී මෙවැනි ව්‍යාජ පුවත් සමාජයේ විශාල කතාබහක් නිර්මාණය කිරීමට සමත් වෙනවා..
මේ කියන්නේ අන්න එවැනිම තවත් කතාවක් ගැනයි..
වැඩබලන පොලිස්පතිතුමාගේ නම සඳහන් කරමින් ව්‍යාජ ලෙස සකස් කරන ලද PDF ගොනුවක් විද්‍යුත් තැපැල් හා whatsapp මගින් මේ දිනවල සංසරණය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දන්වා තිබෙනවා..
මෙම ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවිඩය
[email protected][email protected][email protected][email protected][email protected][email protected]යන විද්‍යුත් තැපැල් ලිපිනයන් මගින් යොමු කර තිබෙනවා..
කෙසේනමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහජනතාවට දැනුම් දී ඇත්තේ, මෙවැනි විද්‍යුත් ලිපිනයන් මඟින් යොමු කරන පණිවිඩ කිසිසේත්ම ශ්‍රී ලංකා පොලිසිය විසින් හෝ වැඩබලන පොලිස්පතිතුමා විසින් යොමු කරන ලද පණිවිඩ නොවන බවත්, මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇතිකර නොගත යුතු බවයි..