තවත් භයානක හෙළිදරව්වක්.. කොලරා වසංගත තත්ත්වයකින් , 13 දෙනෙකු ජීවිතක්ෂයට...
නයිජීරියාවේ නයිජර් ප්‍රාන්තයේ පැතිර යන කොලරා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම කොලරා රෝගය වැළදී ඇති තවත් පුද්ගලයින් 239 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද එරට සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙනවා.
මේ වන විට නයිජර් ප්‍රාන්තයේ දිස්ත්‍රික් හයක් පුරා මෙම වසංගත තත්ත්වය ව්‍යාප්ත වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
නයිජීරියානු රජය විසින් මේ වන විට රෝග තත්ත්වය පාලනය කිරීම සදහා කටයුතු සිදු කරගෙන යන බවටද වාර්තාවල සඳහන්.