රිදී මිල වාර්තාගත ලෙස ඉහළට..
ලෝක වෙළෙඳපොළේ රිදී අවුන්සියක මිල ඩොලර් 39.40ක් බවට විදෙස් මාධ්‍ය පවසනවා.
මේ අතර 2025 වසරේදී රිදී මිල 36%කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.
ඒ අනූව අද දිනයේ පමණක් 0.3%කින් ඉහළගොස් තිබෙන් බවයි වාර්තා වන්නේ.
නවතම වාර්තා පවසන අයුරින් මෙම වසර තුළ රිදී අවුන්සයක මිල ඩොලර් 42 දක්වා ඉහළ යා හැකි බවද සඳහන්.
අමෙරිකාවේ තීරුබදු ප්‍රතිපත්තිය සමග රන්, රිදී, ප්ලැටිනම්, පැලේඩියම් වැනි ලෝහවලට ආයෝජකයින් බහුල ලෙස නැඹුරුව තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඒ හේතුවෙන් මෙසේ රිදී මිල ඉහළ යාම සිදුව තිබෙන බවයි සඳහන්.
කෙසේ වෙතත් මෙම වසරේ රත්රන් මිල ඉහළගොස් ඇත්තේ 31%කින් පමණක් බවයි වාර්තා වන්නේ.