අදත් ඒ අසාමාන්‍ය දින කිහිපය අතරට එකතු වෙලා..
Tuesday, 22 July 2025 - 12:25 | Views - 420
 
මේ වසරේ ජූලි සහ අගෝස්තු මාසවලදී පෘථිවිය අසාමාන්‍ය ලෙස කෙටි දින කිහිපයක් පසු කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
 
අද (22) සහ අගෝස්තු 5 යන දිනවලදී පෘථිවිය වේගවත් භ්‍රමණයක් සිදු වීමට නියමිත බවයි අපේක්ෂා කෙරෙන්නේ.
 
ඒ මිලි තත්පර 1.3 සිට 1.6 දක්වා පවතින කෙටි වෙනස්වීමක් වන අතර එය මිනිසුන්ට නොපෙනෙන බවයි සඳහන් කරන්නේ.
 
එමෙන්ම ජූලි මස 9 වන දිනද පෘථිවිය මෙතෙක් වාර්තා කළ කෙටිම දිනවලින් එකක් වාර්තා කර තිබෙනවා.
 
චන්ද්‍රයාගේ වත්මන් කක්ෂීය පිහිටීම පෘථිවියේ භ්‍රමණය සියුම් ලෙස වේගවත් කරන බව විද්‍යාඥයින් පවසනවා.
 
පෘථිවිය එහි අක්ෂය වටා එක් භ්‍රමණයක් සම්පූර්ණ කිරීමට ගතවන කාලය සාමාන්‍ය දිනයක් ලෙස හඳුන්වන අතර දළ වශයෙන් එය තත්පර 86,400ක්.
 
කෙසේ වෙතත් පෘථිවියේ භ්‍රමණ වේගය වෙනස්වීමට චන්ද්‍රයාගේ සහ සූර්‍යාගෙන් ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය, පෘථිවි පෘෂ්ඨයේ භූගෝලීය ක්‍රියාකාරීත්වය, සුළං රටා හා සාගර ධාරාවල වෙනස්වීම් වැනි සාධක බලපානු ලබනවා.
 
ඒ අනුව මෙම දින තුන මෙතෙක් වාර්තා වූ කෙටිම දින වනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
 
ස්ක්‍රිප්ස් සාගර විද්‍යා ආයතනයේ භූ භෞතික විද්‍යාඥ ඩන්කන් ඇග්නිව් පවසන්නේ, මෙම තත්ත්වය විද්‍යාත්මකව වැදගත් නමුත් යම් ව්‍යසනයකට හේතුවක් නොවන බවයි. 
 
 
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
අපේ ශරීරයේ රුධිරය පිරිසිදු කරන ප්‍රධාන...
Hiru Tv Blog
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම...
Hiru Tv Blog
තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු කරමින් තලපති විජේ ලබාගත් දැවැන්ත ජයග්‍රහණයත්...
Hiru Tv Blog
කොලොම්බියානු ගායිකා ශකීරා නොමිලේ පැවැත්වූ ප්‍රසංගය නැරඹීම සඳහා පසුගිය සෙනසුරාදා...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගායිකා Taylor Swift තම අනන්‍යතාවය සුරැකීම වෙනුවෙන් අතිශය තීරණාත්මක නීතිමය...
Hiru Tv Blog
ලොව පුරා අන්ධභාවයෙන් පීඩාවිඳින මිලියන සංඛ්‍යාත ජනතාවට නව බලාපොරොත්තුවක් එක්...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top