තවත් ටික කලකින් සිදුවන මේ ග්‍රහමාරුව ගැන හරියටම ඔබත් දැනගන්න කැමැත්තෙන් ඇති.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි..
බලන්නකෝ ඔබේ ලග්නයට මේ ග්‍රහ මාරුව නිසා ලැබෙන්නේ මොනවගේ ඉරණමක්ද කියලා..
ලග්න රැසකට කුළීර, වෙශී, වොශී, උභයචාරී, සුනඵා, අනඵා, දුරුධරා යෝගවලින් ද රවි, බුධ, චන්ද්‍ර හිතවාදි ග්‍රහ සංයෝගයෙන් ද සුබපල උදා කරන අතර බල සම්පන්න ධර්මකර්මාධිපති යෝගය ධනු ලග්නයටද සුබවාදීව බලපවත්වමින් ජූලි 26 පෙරවරු 08.57ට සිකුරු මිථුන රාශිගත වෙයි.
රවි, බුධ, සිකුරු ත්‍රිසංයෝගය 12 වැන්නෙහ යෙදීමෙන් කටක ලග්නහිමියන්ට සිතෙහි ආකූල ව්‍යාකූල බවක් නිර්මාණය වෙයි.
අවිහිංසාව, අවංකබව, පිරිසුදු චරිතය සත්‍යවාදිබව යහපත් සංකල්පනා පදනම්ව සාමය සමගි සමාදානය තුළින් සමාජය සැකැස්ම වැදගත් වෙයි. ධාර්මික,ශාස්ත්‍රීය සංස්කෘතිකමය ප්‍රබෝධය සිකුරු සංක්‍රමණයෙන් නිර්මාණය විය හැකිය. කෙසේ වෙතත් සිකුරු පාපකර්තරීවීමේදී දූෂණ කලඑළිවීමක්ද දෘශ්‍යමාන වෙයි. අබිරහස් කුමන්ත්‍රණකාරී සෙනසුරු බුධ, නැප්චූන් වක්‍රවීම් සමඟ ග්‍රහබලවේග අනුව අතිශය බිහිසුණු බවක් උසුලයි. හදිසි තීරණ තීන්දු ගැනීම සුබවාදී නොවනු ඇත.
පෙරදිග යුදගිනි ඇවිලී යාම වරින්වර පෙනී යයි. බොහෝදුරට බාල, මහලු, තරුණ විෂමාචාර වැඩි වනු ඇත. යුගදිවිය පවුල් ජීවිතය ආශ්‍රිත වූ විවිධ විෂමතා දෙගුණ තෙගුණ කෙරෙන කාල පරාසයකි. දික්කසාද නඩු, සබඳතා ව්‍යාකූලවීම්, යුගදිවියේ අනියම් හැලහැප්පිලි බහුල වෙයි. පාර්ලිමේන්තුව තුළ නව සංශෝධන කෙටුම්පත් වන, බලතල නවීකරණය වන සමයකි.
මේෂ රාශිය
01, 08 ස්ථානාධිපති අඟහරු මිත්‍රව 05 වැන්නෙහි තැන්පත්වීමද 03 වික්‍රමස්ථානගතව 02,07 අධිපති ඉරබටතරුව නොහොත් සිකුරු බ්‍රහස්පති සමඟ සංයෝගව ඇත. සුනඵා අනඵා දුරුධරා යෝග උදාව සමඟ චන්ද්‍රයගෙන් කුළීර යෝග බලැතිව ධනය, බලය, කීර්තිය, ප්‍රශංසාව ගලා එන ග්‍රහබලයක් සිකුරු මිථුනෙට සංක්‍රමයෙන් විද්‍යමානව ඇත. උදාර ජීවන ගමන් මඟකට ග්‍රහකිරණ හිතවාදිව යෙදී ඇත.
වෘෂභ රාශිය
03,07,11 කාමකෝණ ජවබල සම්පන්නව වෙශී වොෂී උභයචාරී සුනඵා අනඵා දුරුධරා යෝගයද සමඟ කුළීර යෝග බලයෙන්ද ජවබල සම්පන්න වූ වෘෂභ ජන්මලාභි ඔබහට ගොඩමඩ ඉඩකඩම් දේපළ වස්තුද රැකියා ආදායම් මාර්ග උසස්වීම් ලැබිය හැකිය. කාර්මික මෙන්ම කෘෂිකාර්මික ආදායම් මාර්ග සතුටුදායක වන්නෙකි. සබඳතා, විවාහ මංගල කටයුතු දෙස් විදෙස් සංචාරක කටයුතු සාර්ථක වෙන්නේය.
මිථුන රාශිය
සුනඵා අනඵා දුරුධරා මෙන්ම කුළීර යෝගබලය 01,04,07,10 ස්ථාන ආශ්‍රිතව වාසනාව භාග්‍යය උදා කෙරෙයි. උදාරතම ජීවන ගමන් මගෙහි නිවාස, ගොඩමඩ, ඉඩකඩම්, දේපළ වස්තු, ආශ්‍රිත වූ සියලු ආකාර කටයුතු සාර්ථක කරගත හැකි භාග්‍යවත් කාලපරාසයකි. ඥාති හිතෛෂීන්ගෙන් මෙන්ම ප්‍රභූ ජනතාවගේ අනුග්‍රහය සමඟ ආධාර උපකාර ලැබීමට වාසනාවන්ත වෙයි.
කටක රාශිය
රවි චන්ද්‍ර අඟහරු ආලෝක ග්‍රහ බලයද කුළීර යෝගබල මෙන් වෙශී වොශී උභයචාරි සුනඵා අයඵා ධුරුධරා යෝග බල උදාවෙමින් ජවබල සම්පන්න වූ පෞරුෂත්වය අපූර්ව ලෙස ලැබී ඇත. සර්වජන ආකර්ෂණය ලැබීමට ද ඊර්ෂ්‍යා, වෛරාකාර ද්වේෂ, සහගත නිර්ණාමික සතුරන් දුරුවීමද රෝගාබාධ මර්ධනය වී යාම ද සිද්ධ වන්නේය. ගුණාත්මක පසුබිමක් සමඟ ධනය, බලය, කීර්තිය, ප්‍රශංසාව උතුරා යයි.
සිංහ රාශිය
සිංහ රාශි ජන්මලාභි ඔබට ද අතිශය ගුණාත්මක පසුබිමක් ග්‍රහ සංක්‍රාන්තියේදි මෙසේ බලපාන්නේ ය. වෙශී වොශී උභයචාරි සුනඵා අනඵා දුරුධරා කුළීර යෝගබලයද රවි, චන්ද්‍ර අඟහරු ආලෝක ග්‍රහබලයද යන ග්‍රහ පොකුරක බලපෑම සිංහ ජන්මලාභියාට දිට්ඨධම්මවේදනීය ලෙස සකලවිධ පුණ්‍යමය බලය උදාකරන්නේය.
කන්‍යා රාශිය
වෙශී වොශී උභයචාරී සුනඵා අනඵා දුරුධරා කුළීර රවි චන්ද්‍ර, කුජ ආලෝක ග්‍රහ ආශීර්වාදය ඔබට ධනය, බලය මෙන්ම ලෞකික ලෝකෝත්තර ජීවිතයේ සාර්ථකත්වයට බලපානු ඇත. ශීල, සමාධි, ප්‍රඥා ධර්මතා ආශ්‍රිත පින්වන්ත මනුෂ්‍ය දිවියකට බලපාන සංසාරික පින්දහම් බලය උසස්ම ජීවිතයකට බලපානු ඇත. ගුණාත්මක දිවියක් පුරා යෝග පොකුරකින්ම ඔබටත් ඔබගේ මව්පියනටත් හේතු වාසනා ඇති වන්නේය.
තුලා රාශිය
රැකියා ආදායම් මාර්ග මතුකෙරෙන භාග්‍යය මෙන්ම ආදායම් දේපළ කෙරෙන පසුබිමක් ඇති වේ. 01,08 ස්ථාන අධිපති සිකුරු ග්‍රහයා 09 වැන්නෙහි තැන්පත්වීම ධනය, බලය ළඟා කෙරෙන වැදගත්ම ග්‍රහබලයෙකි. වෙශී වොශී උභයචාරි සුනඵා, අනඵා දුරුධරා යෝග පොකුරු මෙන්ම කුළීර යෝගත් රවි, චන්ද්‍ර , කුජ ආලෝක ග්‍රහ පොකුර ආකර්ෂණයත් යහපත් ජීවන ගමනකට මඟ සලස්වයි. දෙස් විදෙස් සංචාරක ගමන්බිමන් බහුලව යෙදෙයි.
වෘශ්චික රාශිය
ඔබගේ ජන්මපත්‍රයෙහි 08 වැන්නට පැමිණි සිකුරු මෙතෙක් ආවා වූ දුක්බර ගමන් මඟෙහි පූර්ණ වෙනසක් කරන බැව් පෙනී යන්නේය. පදිංචි ස්ථානය, භූමිය, ලෞකික ජීවිතය ආශ්‍රිත දේපළ වස්තු ඉඩකඩම් මෙන්ම සබඳතා යුගදිවිය විවාහය ආශ්‍රිත කරුණු කාරණා කෙරෙහි හිතවාදී බවක් යොමු කෙරෙනවා ඇත.
එසේම වෙශී වොශී උභයචාරි සුනඵා අනඵා දුර්ධරා කුළීර යෝගබල ආලෝක ග්‍රහබල ආශ්‍රිතව උසස්ම ජීවන ගමනකට මඟ පෑදෙනු ඇත.
ධනු රාශිය
ධර්මකර්මාධිපති රාජයෝගය වෙශී වොශී උභයචාරි සුනඵා අනඵා දුරුධරා කුළීර යෝග පොකුර මෙන්ම ආලෝක ග්‍රහකිරණ ආශ්‍රිත කාලපරාසය තුළ දැනුම, අවබෝධය දියුණූු වෙමින් බුද්ධිමත්ව දූරදර්ශීව සිතැඟියාවන් සාර්ථකත්වය අරමුණූ කරෙයි.
ජීවිතයෙහි පැහැදිලි අවබෝධය තුළින් තිරසර පැතිකඩක් ඔස්සේ ක්‍රියාත්මක වෙයි. ස්ථාවර ආර්ථිකය සමාජගත ඉදිරිය ක්‍රමවත් හරවත් බවකින් කළමනාකරණය කරගත හැකි වෙයි.
මකර රාශිය
නිර්මාණශීලි මකර රාශිය හිමි ජන්මලාභී ඔබහට පවත්නා වර්තමාන විශ්ව ශක්තිය හොඳාකාර අවබෝධ ඤාණයකින් මානසික සහහනයක් ලබනවාට සැකයක් නොමැත. ධනය, බලය මෙන්ම ලෞකික ජීවිතයෙහි සිතැඟියාවන් ආශ්‍රිත ඉටුකරගනිමින් ස්වකීය මානසික දියුණුවක්ද ලබනවා ඇත.
ආලෝක ග්‍රහකිරණ වෙශි වොශී උභයචාරී සුනඵා අනඵා දුරුධරා යෝග පොකුරෙන් ගෘහ ජීවිතය සබඳතා විවාහ මංගල කටයුතු දේපළ වස්තු ගලා එන කාලයකි.
කුම්භ රාශිය
මනඞකල්පිත සංසාරික මවාගැනීම් මඟින් සිහින ලොවෙහි පාවෙන කුම්භ රාශි හිමියා හට ධනය, බලය, ගොඩමඩ, ඉඩකඩම් දේපළ වස්තු ආශාවන් වැඩි කෙරෙන කාල පරාසයකි. ධනය, බලය, ආකර්ෂණීය ජීවිතය සැබෑ ලොවෙහිදි ශුන්‍ය ලෙස ඒකරාශි වී යන්නෙකි.
ආලෝක ග්‍රහශක්තිය වෙශී වොශී උභයරාශි සුනඵා අනඵා දුරුධරා යෝග පොකුරකින්ද සිකුරු 05 වැන්නට ගුරු සමඟ සංයෝගය උසස්ම දාර්ශනික චින්තනයකින් පොදුජනතාව සමඟ ජීවත් වීමට මඟ පාදයි.
මීන රාශිය
බුද්ධිමය කරුණු ආශ්‍රිත ජීවන ගමන් මඟෙහි ධනය, බලය කෙරෙහි ගිජුකම සීමිත වෙයි. මානසික අවබෝධය දැනුම මතු සංසාරික ගැටුම් අතරින් දුරස්ථව ජීවිතය ගෙන යාමෙහි භාග්‍යය උදා කරයි. ආලෝක ග්‍රහකිරණ මෙන්ම 01,05, 09 ස්ථාන තුළින් තෘෂ්ණාව සීමිතකර ගැනීමෙහි උත්සාහයද ප්‍රශස්තය.
වෙශී වොශී උභයචාරි සුනඵා අනඵා දුරුධරා යෝග පොකුරකින්ම ඔබට ජවබල සම්පන්න ශක්තිය ධෛර්යය ලැබෙයි.
සුබසෙත පුවත්පත ඇසුරෙන්..