ඉලෙක්ට්‍රික් වාහනවලට වෙන බලපෑම මොන වගේද..? නව මාර්ගෝපදේශයෙන් වාහනවලට වෙන්න යන දේ මෙන්න..
Saturday, 19 July 2025 - 15:49 | Views - 187
මෝටර් රථ වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද යාවත්කාලීන කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති මාර්ගෝපදේශ හරහා ඉලෙට්‍රික් වාහන මිලදී ගැනීම යම් ප්‍රමාණයකින් අධෛර්යමත් වනු ඇති බව ආර්ථික විශේෂඥයින් පවසනවා...

ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසන්නේ මේ යටතේ ඇතැම් වාහනවලට ලබාදෙන ණය ප්‍රතිශතය අඩු කර ඇති බැවින් වාහන ගෙන්වීම සඳහා පවතින උනන්දුව ඉදිරියේදී වෙනස් විය හැකි බවයි...


රථවාහන මිලදී ගැනීමේදී බොහෝදෙනා බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් ණය මුදලක් ගැනීම සිදුකරන අතර වාහනයේ වටිනාකමින් කොතරම් ප්‍රමාණයක් බැංකු ණය වශයෙන් ලබාගත හැකිද යන්න පිළිබඳව වන මාර්ගෝපදේශ මහ බැංකුව විසින් හඳුන්වා දී තිබුණා...

ඒ අනුව මින්පෙර ඉලෙට්‍රික් මෝටර් රථ සඳහා 90%ක් දක්වාම බැංකු ණය ලබා ගැනීමේ හැකියාව පැවති අතර ඉලෙට්‍රික් නොවන වාහන සඳහා බැංකු ණය ලබා ගත හැකිව තිබුණේ 50%ක් දක්වා පමණයි..

කෙසේවෙතත් 2025 ජූලි මස 17 දින සිට බලපැවැත්වෙන පරිදි මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය ලීසිං ආයතන විසින් මෝටර් රථ වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද යාවත්කාලීන කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුව නව මාර්ගෝපදේශ නිකුත් කළා..

ඒ අනුව ඉලෙක්ට්‍රික් හා ඉලෙක්ට්‍රික් නොවන වාහන සඳහා පැවැති ප්‍රතිශත වෙනස සම්පූර්ණයෙන් ඉවත් කර ඇති අතර නව මාර්ගෝපදේශ අනුව වාහන කාණ්ඩය පමණක් සලකා බැලෙනවා..

එසේම නව මාර්ගෝපදේශ යටතේ වානිජ වාහන සඳහා මීට පෙර තිබූ 90%ක ණය සීමාව 80%ක් දක්වා අඩු කර ඇති අතර මෝටර් කාර්, SUV සහ වෑන් රථ සඳහා පැවති 50%ක ණය සීමාව 60% දක්වා වැඩි කර තිබෙනවා...

ත්‍රි රෝද රථ සඳහා පෙර පැවති 25%ක ණය සීමාව 50% දක්වා වැඩි කර තිබෙන අතර වෙනත් වාහන සඳහා 70% ක් වශයෙන් ණය ලබාදිය හැකි උපරිම ප්‍රතිශතය දක්වා තිබෙනවා...

වෙනත් වාහන සඳහා පැවති ණය සීමාව සියයට 70ක් ලෙස පෙර ලෙසම පවතිනවා...

මෙරට තුළ ලියාපදිංචි නොකළ වාහන සහ පළමු ලියාපදිංචියෙන් පසු වසරකට වඩා අඩු කාලයක් භාවිත කර ඇති සියලු වාහන සඳහා මෙම නියමයන් බලපැවැත්වෙන අතර 2025 ජූලි මස 18 දිනට පෙර ණයවර ලිපි විවෘත කර ඇති මෙරට ලියාපදිංචි නොකළ වාහන වෙනුවෙන් ක්‍රියාත්මක වන්නේ පෙර පැවැති විධිවිධානයන් බවයි මහ බැංකුව පවසන්නේ.. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top