ඉක්මනින් කාඩ්පත් මැෂිම ළඟට ගිය ඔහු ඒ සුදු නංගිව සෙව්වත්..., සුරූපී ලලනාවකගේ තොල් සායම්වලට රැවටුණු ඔහුට අත්වූ ඉරණම මෙන්න..
Friday, 18 July 2025 - 10:49 | Views - 397
ගැහැනුන්ගේ මායම්වලට රැවටෙන් ගොඩක් පිරිමින්ට මේ නම් හොඳ පාඩමක්.. මේ කියන්න යන කතාව මොකක්ද..? 

ඔහුට ඇත්තටම ඇගේ මායම් නිසා වුණු අලාබය ඒ තරම් දැණුනේ නැතත්, ඇත්තටම ඒක ඔහුට හොඳ පාඩමක්..
ඔහු ව්‍යාපාරිකයෙක්...

ඔහු එදා බැංකුවට පැමිණියේ ණය වාරිකයක් ගෙවීමටයි... බැංකුව ළඟ රූමතියක්... දෙතොල් ද නාදලු‍ මෙන් රතට රතේය.. ඒ තරමටම දෙතොල් රතු කරයි.. මිස්ට මේ රුපියල් පන්දහස ටිකක් නැවිලා තියෙන නිසා මැෂින් එකට ගන්නේ නැහැ..

පුළුවන් නම් මේ පන්දහස අරගෙන වෙන පන්දහසේ කොළයක් හෝ දාහේ නෝට්ටු පහක් දෙන ලෙස ඇය මොහුගෙන් ඉල්ලා සිටියා.. එය ඉල්ලු‍වේ සායම් කර ඇති දෙතොලෙන් තොදොල් වෙවීය... හුරතල් විදිහටයි... ඒ නිසාම ඔහුට ඇයගේ මේ ඉල්ලීම කෙසේවත් අහක දැමීමට සිත් නොවූවා..

පෙනුමෙන් ඇයට ඔහු මාමා කෙනෙකු වුවත් මැයට වශීවූ ඔහු ආ නංගී ඕක මොකක්ද, කෝ දෙන්නකෝ ඔයාගේ පන්දහ මම දෙන්නම් ටොයිස් පන්දාහයේ කොළයක් කියමින් ඔහු ඇයට පොඩි නොවූ පන්දහසේ කොළයක් දුන්නා..

ඇය ඔහුගෙන් ඒ පන්දහස කොළය ගත්තේ අතට ගත්තේ ඔහුට ලෙන්ගතු සිනහවක් ද පාමින්...

ඉන් අනතුරුව සිතේ තැන්පත්වූ මේ ළඳ ගැන සිත සිතා බැංකුව තුළට ගිය ඔහු තමාගේ ණය වාරිකය අය කර ගැනීමට මුදල් දුන්නා.. ඒ එක්කම බැංකුවේ සල්ලි ගනිමින් සිටි බැංකු සේවිකාව කීවේ මේ මුදල් සමඟ හොර රුපියල් පන්දහසේ නෝට්ටුවක් තිබෙන බවයි... සල්ලි ගණින යන්තයට දැමූවිට එය ප්‍රතික්ෂේප වුණේ ද එය නිසා බව බැංකු නිලධාරිනිය ඔහුට කීවිට දෙවියන් බුදුන් සිහිවුණා...

තමා රුපියල් පන්දහස මාරු කරදුන් සුදු නංගි සිහිවිය.. ඒ සමගම බැංකුවේ පෙර ගෙවුම් කාඩ්පත් මැෂිම ළඟට ඔහු ගියේ සුදු නංගි සිටිදැයි බැලීමටයි..
තමාට සිදුවූ ඇබැද්ධිය බැංකුවේ නිලධාරීන්ට ඔහු පැවසුවා..

වැඩේ සාධාරණ වන්නට ඇතැයි සිතූ බැංකුවේ නිලධාරීහු හොර සල්ලි බැංකුවට දුන් මේ පුද්ගලයා පොලිසියට භාර නොදී හොර රුපියල් පන්දහසේ කොළය පමණක් සිදුරු විඳින යන්ත්‍රයකින් විද අවලංගු කළා... රුපියල් පන්දහසේ පාඩුව විඳගත් ඔහු නිවසට ආවේ ආයෙත් නම් සුදු නංගිලාගේ ගැටවලට අහුවෙන්නෙ නම් නැහැ කියමින්ලු‍...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top