උදාවෙන්නේ අලුත් සතියක්.. ඔබේ ලග්නයට කොහොමද..?
සතියක් අවසන් වනවිට තවත් සතියක් ආරම්භ වෙනවා.. මේ කියන්න යන්නේ ඔබගේ ලග්නයට ඉදිරි සතිය බලපාන්නේ කොහොමද කියන එකයි..
මේෂ
පදිංචිය වෙනස් වෙයි
පවුලේ කටයුතු පිළිබඳ මූලිකත්වයක් ගන්නා මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
විශේෂ සැලසුමකට අත ගසයි. මෙතෙක් කරගෙන ගිය වැඩපිළිවෙලක් වෙනස් කිරීමට සිදුවේ. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුවේ. නීති ගැටලුවකට මුහුණපායි. සමාජ සේවා කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වේ. සහෝදර බැඳීම්වලට හේතු සැලසෙන කටයුතු කිහිපයක් සිදු කරයි.
රැකියාව
රැකියාවේ කටයුතු හේතුවෙන් පදිංචියෙන් ඈත්වීමට සිදුවේ. රැකියා ස්ථානයේ අය අතර කැපී පෙනෙන කාලයකි. අලුත් රැකියා ලාභ හිමිවුවත් ඒවා එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙනේ. ස්වයං රැකියා කටයුතුවලින් අතමිට සරුකරයි.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු වෙනදාට වඩා උත්සාහයෙන්, උනන්දුවෙන් කරගෙන යයි. අමතර ලැබීම් හිමිකරන රැකියා මාර්ගවලට හේතු සැලසේ. විදෙස් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක සතියකි.
සෞඛ්‍යය
නිදිමත ගතිය, ක්ලාන්තය වැනි රෝග පීඩා මතුකරයි. සතිය මැද කාලයේදී අතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. පරම්පරාගත රෝගයක් ඉස්මතුවිය හැකි කාලයකි.
අය 06 වැය 03
ජය අංකය – 03
ජය වර්ණය – නිල්
සුබ දවස – බ්‍රහස්පතින්දා
වෘෂභ
අඹුසැමි සුහදතාවය වැඩේ
සමාජ ගෞරවයට පාත්රවන කටයුතු කිහිපයක් සිදුකරන මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
ගුණ යහපත්, කාරුණික හැඟීම්වලින් කටයුතු කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් කැපවී කටයුතු කරයි. පිරිසුදුකමට, අලංකාරයට කැමැති කාලයකි. අනාථ අසරණ අයට උදවු කිරීමට අවස්ථාව උදා කරයි. අඹුසැමි මතභේදයක් මඟහැරී යන බවක් පෙනේ. උසස් අයගේ ඇසුරට කටයුතු උදාකරන කාලයකි.
රැකියාව
රැකියාවේ කටයුතු පිළිබඳ දුරදිග සිතා බලන්න. විදෙස් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට වාසිදායකයි. දරුවන්ට දැනුම ලබා දීමේ රැකියා මාර්ගවලට යොමුවන බවක් පෙනේ. අමතර ලැබීම් හිමිකරන සුළු සුළු රැකියා මාර්ගවලටද හේතු යෙදේ.
අධ්‍යාපනය
තරමක කරදර බාධා යෙදුණත් ඉගෙනීමේ කටයුතු උනන්දුවෙන් කරගෙන යන කාලයකි. සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි. තම දැනුම වර්ධනය කර ගන්නා මාර්ගවල නිරතවන බවක් පෙනේ. සාහිත්‍ය අංශවලින් දක්ෂතා දක්වන කාලයකි.
සෞඛ්‍යය
වරින්වර ඇතිකරන අතේ පයේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. සෙම් දෝෂ පපුව සම්බන්ධ ආබාධ වරින්වර මතුකරයි. සති අන්තයේදී හදිසියේ ඇතිවන දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.
අය 06 වැය 05
ජය අංකය – 03
ජය වර්ණය – කොළ
සුබ දවස – බදාදා
මිථුන
රැකියා ලැබීමට හේතුයි
වෙනදාට වඩා අතමිට සරුකරන සතියක් වන අතර, සඳු ග්‍රහයා 11,12,1 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථාව සැලසෙන කාලයකි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදුකරයි. ප්‍රමාද වූ කටයුතු කිහිපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. දුර ගමනක් වෙනුවෙන් සැලසුමක් ඇතිකරගන්නා, ගතට සිතට සැනසිල්ල උදාකරන කාලයකි.
රැකියාව
අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. රැකියා ස්ථානයේ අය අතර, පැවැති ගැටලුකාරි බවක් නිරවුල් කර ගැනීමට හැකිවෙයි. තනතුරු මාරු, උසස්වීම් බලාපොරොත්තුවන අයට සුබදායකයි.
අධ්‍යාපනය
වෙහෙසකාරි ලෙස කරගෙන ගිය අධ්‍යාපන කටයුතු උනන්දුවෙන්, උත්සාහයෙන් කරගෙන යන බවක් පෙනේ. වෙනදාට වඩා පොත්පත් කියවීමට කැමැත්තක් දක්වයි. නව දැනුම සොයා යන මාර්ගවලට යොමුවන කාලයකි.
සෞඛ්‍යය
වරින්වර කොන්ද, තුනටිය ආශි්ර ආබාධ මතුවිය හැකිය. වෙනදාට වඩා රුධිරගත සීනි මට්ටම කොලෙස්ටරෝල් වැනි බෝනොවන රෝග කෙරෙහි සැලකිලිමත්ව වීම වැදගත්වේ.
අය 06 වැය 05
ජය අංකය – 06
ජය වර්ණය – දම්
සුබ දවස – බදාදා
කටක
වෙළෙඳාමෙන් අමතර වාසි
වගකීම් බහුල කරමින් සතිය උදාකරන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
අමතර ගමන් බිමන් බහුල කරයි. ඥාති හිතවතුන්ගෙන් උපකාර හිමිකරයි. ණය ගණුදෙනුවකින් නිදහස්වීමට අවස්ථාව උදා කරයි. දරුලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි. උරුම හිමිකම්වලින් ධනය හිමිකරයි. සතිය මැද කාලයේදී ආර්ථික අපහසුතා ඇති වුවත් ඒවා මඟහරවා ගැනීමට අවස්ථාව උදා කරයි.
රැකියාව
අලුත් රැකියා ලාභ හිමිකම් ඇති කාලයකි. මෙතෙක් කරගෙන ආ රැකියා කටයුතු නව මුහුණුවරකින් ආරම්භ කරයි. එමෙන්ම වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල නියැළී සිටින අයට අමතර වාසි සැලසෙන කටයුතු කිහිපයක් යෙදේ.
අධ්‍යාපනය
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. එමෙන්ම අලුත් පොත්පත් මිලදී ගැනීමට අවස්ථාව සැලසේ. තාක්ෂණික අංශයේ කටයුතුවලට විශේෂ උනන්දුවක් දක්වයි. ඉගෙනීමට පැවැති කරදර බාධා කිහිපයක් මඟහැරී යයි.
සෞඛ්‍යය
කොන්ද ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගනී. එමෙන්ම පීනස වැනි සෙම් රෝග හිසට, පපුවට බලපාන්න ඉඩ තිබේ. ආහාරපානවලින් ශරීර සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට උත්සාහ ගන්නා කාලයකි.
අය 07 වැය 05
ජය අංකය – 04
ජය වර්ණය – කොළ
සුබ දවස – සිකුරාදා
සිංහ
රැකියා ස්ථානයේ ඉහළින් වැජඹේ
අලුත් බලාපොරොත්තු ඇති කරන මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදාකරයි. වෙනදාට වඩා අන් අය අතර කැපී පෙනෙන කාලයකි. අවිවාහකයන්ට සුබදායකයි. හදිසි ගණුදෙනුවකට කටයුතු උදා කරයි. දුරගමනක් යෙදීමට ඉඩ ඇති කාලයකි. වෙනදාට වඩා පිනට දහමට ළැදිව කටයුතු සිදු කරයි.
රැකියාව
අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. රැකියා කරන ස්ථානයේ තරමක් ඉහළින් සිටිය හැකි අන්දමේ කටයුතු කිහිපයක් සිදුකරයි. කරගෙන යන රැකියාවේ තනතුරු වෙනසක් හෝ ස්ථාන වෙනසක් සිදුවිය හැකිය.
අධ්‍යාපනය
අමතර දේ ඉගෙනීමට කටයුතු උදාකරයි. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වයක් ගන්නා කාලයකි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට අමතර මුදලක් වැය කිරීමට සිදුවෙයි. තරග විභාගයක් සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ.
සෞඛ්‍යය
ශරීර අභ්‍යන්තරයේ ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. එමෙන්ම වරින්වර ඇතිකරන ක්ලාන්ත ගතියක් හේතුවෙන්ද පීඩාකාරි බවක් ඇති කරයි. ශාරීරික වෙහෙස ගෙන දෙන කටයුතු කිහිපයක් යෙදීමට ඉඩ ඇත.
අය 07 වැය 05
ජය අංකය – 02
ජය වර්ණ – දම්
සුබ දවස – ඉරිදා
කන්‍යා
නොසිතූ පැතුම් ඉටුවේ
උත්සාහයෙන්, උනන්දුවෙන් කටයුතු සිදුකරන මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදුකරයි. නොසිතූ ලෙස බලාපොරොත්තුවක් ඉටුවීමට ඉඩ ඇති කාලයකි. පවුලේ වැඩිහිටියකු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන කාලයකි. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදාකරයි. පැවැති ගැටලුකාරි බවකින් නිදහස උදාකරයි.
රැකියාව
අලුත් රැකියා ලැබීම්වලට හේතු ඇති කරයි. රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවෙයි. උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු යෙදේ. පරම්පරාගත රැකියාවකට යොමුවීමට ඉඩ ඇති කාලයකි.
අධ්‍යාපනය
විශේෂ පාඨමාලාවක් හැදෑරීමට වෙහෙසෙන සතියකි. දහම් අධ්‍යාපනික කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හිමිවිය හැකිය. තරගකාරි කටයුතු කිහිපයකට සම්බන්ධ වීමට සිදුවෙයි.
සෞඛ්‍යය
ශාරීරික වෙහෙස මහන්සිය ඇතිකරයි. චර්ම ආබාධ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත්වන්න. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට භාජනය වීමට සිදුවෙයි.
අය 07 වැය 05
ජය අංකය – 04
ජය වර්ණය – කහ
සුබ දවස – සිකුරාදා
තුලා
විදෙස් අධ්‍යාපනයට යොමුවෙයි
වරින්වර අදහස් හා ක්‍රියාමාර්ග වෙනස් කරන මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
ගේ දොර අඩුපාඩු කිහිපයක් සම්පූර්ණ කර ගැනීමට අවස්ථාව උදාවේ. පදිංචිය වෙනස් වුවත් දියුණුවට බාධාවක් ඇති නොකරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කිහිපයක් සිදුකරයි. එමෙන්ම තම රූපාලංකාරය පිළිබඳ වෙහෙසෙන කාලයකි. පුණ්‍ය කටයුත්තක් වෙනුවෙන් දුර පළාතකට යෑමට සිදුවෙයි.
රැකියාව
හවුලේ කරන රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. රැකියාවේ තනතුරු හෝ ස්ථාන වෙනසක් සිදුවිය හැකියි. දෑතේ මහන්සියෙන් කරන රැකියා මාර්ගවලට අවස්ථාව උදාකරයි. රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කරන සතියකි.
අධ්‍යාපනය
සාහිතය හා කලා අංශයට ළැදි කාලයකි. විදෙස් අධ්‍යාපනයක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. එමෙන්ම විශේෂ පාඨමාලාවක් හැදෑරීමට දුර පළාතකට යාමට සිදුවෙයි. ගණිත අංශයේ කටයුතුවලින් විශේෂ දියුණුවක් දැකිය හැකි කාලයකි.
සෞඛ්‍යය
ශාරීරික වෙහෙස මහන්සියට හේතු ඇති කරයි. උෂ්ණාධික රෝගයක් හේතුවෙන් පීඩාවිඳින සතියකි. එමෙන්ම හදිසි වැටීම් තැලීම්වලටද ඉඩ ඇති බැවින් කල්පනාවෙන් පසුවන්න.
අය 07 වැය 04
ජය අංකය – 09
ජය වර්ණය – තැඹිලි
සුබ දවස – සිකුරාදා
වෘශ්චික
මවුපස නෑයකුගෙන් උදව්
වෙනදාට වඩා යෙදෙන ගමන් ගැන සැලකිලිමත්විය යුතු මේ සතියේ සඳු ග්‍රහයා 6, 7, 8 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
දුරදිග බලා කටයුතු කළ යුතු කාලයකි. ප්‍රමාද වූ කටයුතු කිහිපයක් සාර්ථක කර ගැනීමට අවස්ථා උදාකරයි. මවුපාර්ශ්වයේ ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. අඹුසැමි මතභේදයක් මඟහැරී යන කාලයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදාවෙයි. පැවැති දේපල ගැටලුවක් විසඳා ගැනීමට අවස්ථාව උදාකරයි.
රැකියාව
රැකියා කටයුතු සම්බන්ධ පැවැති ගැටලුකාරි බවක් මඟහැරී යයි. උත්සාහයෙන්, උනන්දුවෙන් රැකියා කටයුතු කරගෙන යන බවක් පෙනේ. කණ්ඩායමක් සමඟ එකතු වී කරන රැකියා මාර්ගවලටද හේතු සැලසෙන සතියකි.
අධ්‍යාපනය
ධාරණ ශක්තිය බලවත් නිසා ඉගෙනීමට දක්ෂතා දක්වයි. එමෙන්ම පොතපත කියවීමට ආශාවක් දක්වයි. ගුප්ත විද්‍යාව ඉගෙනීමටද කැමැත්තක් දක්වන සතියකි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන බවක් පෙනේ.
සෞඛ්‍යය
මෙතෙක් සුවය ලබමින් සිටි සෙම් රෝගයක් නැවත මතුවීමට ඉඩ ඇත. එමෙන්ම පපුව, පෙනහැල්ල ආශි‍්‍රත ආබාධ වරින්වර මතු කරයි. හදිසි ප්‍රතිකාර පතන සතියකි.
අය 07 වැය 05
ජය අංකය – 02
ජය වර්ණය – කහ
සුබ දවස – බදාදා
ධනු
මත ගැටුමක් සමනය වෙයි
ගේ දොර අලංකාරය වෙනුවෙන් සැලසුම් කරන මේ සතියේ සඳු ග්‍රහයා 5, 6, 7 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
අමතර වෙහෙසීම් බහුල කරයි. පවුලේ මත ගැටුමක් සමතයකට පත්වන කාලයකි. පරම්පරා දේපළ ගැටලුවක් විසඳා ගැනීමට කටයුතු උදා කරයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. අලුත් හිතමිතුරන් ඇසුරට කටයුතු උදා කරයි. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් විය යුතු කාලයකි.
රැකියාව
ගතට සිතට වෙහෙසකාරි ලෙස රැකියාවේ කටයුතු කරගෙන යන කාලයකි. එමෙන්ම විදෙස් රැකියාවකට කටයුතු සූදානමක් ඇති කරයි. රැකියාවේ ස්ථාන වෙනසක් හෝ තනතුරු වෙනසක් සිදුවීමට ඉඩ ඇත. සුළු සුළු ස්වයං රැකියා කටයුතුවලට යොමුවෙයි.
අධ්‍යාපනය
වෙනදාට වඩා පොතපත කියවීමට උනන්දුවක් දක්වයි. එමෙන්ම අලුත් පොත්පත් මිලදී ගැනීමකටද කටයුතු උදා කරයි. දහම් අධ්‍යාපනික කටයුතුවලින් විශේෂ සම්මාන සහතික හිමිකරයි.
සෞඛ්‍යය
ශරීර වෙහෙස මහන්සිය ඇතිකරන සතියකි. පපුවේ සෙම් ගතිය, උගුර සම්බන්ධ ආබාධ මතුවීමට ඉඩකඩ ඇති බවක් පෙනේ. වෙනදාට වඩා ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම්වන්න.
අය 07 වැය 06
ජය අංකය – 04
ජය වර්ණය – කොළ
සුබ දවස – සිකුරාදා
මකර
කොතැනත් කැපී පෙනෙයි
පවුලේ ඉදිරි සැලසුමක් වෙනස්කරන සතියක් වන අතර සඳු ග්‍රහයා 4,5,6 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
දුර බැහැර ගමනක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි. වෙනදාට වඩා පවුලේ වගකීමක් තමා පිට පැවරේ. මවට ඉතා ළැදිව කටයුතු සිදුකරයි. ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත්වන බවක් පෙනේ. එමෙන්ම කොතැනක සිටියත් කැපී පෙනීමට කැමැති කාලයකි. ගේ දොර ඉඩකඩම්වලට හිමිකම් ඇති කරන සතියකි.
රැකියාව
ස්වයං රැකියාවලට හෝ වෙළෙඳ ව්‍යාපාරවලට කැමැති කාලයකි. තනතුරු වෙනසක් සිදුවීමෙන්, සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතුවලට බාධා පැමිණිය හැකියි. තරග විභාගයකට සම්බන්ධ වීමට අවස්ථාව උදාකරයි. අලුත් පොත්පත් කියවීමට කැමැත්තක් දක්වයි. ගණිත අංශයේ කටයුතුවලට විශේෂ දක්ෂතා දක්වන කාලයකි.
සෞඛ්‍යය
වරින්වර ඇතිකරන ක්ලාන්ත ගතියකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් විය යුතු සතියකි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකටද මුහුණදීමට සිදුවෙයි.
අය 06 වැය 04
ජය අංකය – 03
ජය වර්ණය – කොළ
සුබ දවස – සිකුරාදා
කුම්භ
ස්වාධීනව තීරණ ගනී
උත්සාහයෙන් කටයුතු සිදු කරන මේ සතියේ සඳු ග්‍රහයා 3, 4, 5 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
තැන තැන ඇවිදිලි ඇති කරන කාලයකි. අමතර වෙහෙසීම් බහුල කරන කටයුතු කිහිපයක් යෙදේ. අසල්වැසි සුහදතාවයට හේතු ඇති කරයි. සතිය මැද කාලයේදී පොරොන්දු ගිවිසුමක් සාර්ථක වන කටයුතු කිහිපයක් සිදු කරයි. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත.
රැකියාව
රැකියාවේ කටයුතු පිළිබඳ දුරදිග සිතා බලන්න. මෙතෙක් වෙහෙසකාරි ලෙස කරගෙන ගිය රැකියාවේ කටයුතුවලින් නිදහස්වීමට අවස්ථාව උදා කරයි. උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. හවුල් ව්‍යාපාරයකට සම්බන්ධ වීමට සිදුවන සතියකි.
අධ්‍යාපනය
පොතපත කියවීමට ආශාවක් දක්වයි. එමෙන්ම දහම් අධ්‍යාපනික කටයුතුවලින් ජයග්‍රහණ හිමිකරයි. ස්වාධීනව සිතාමතා තීරණ ගැනීමේ හැකියාව පවතී.
සෞඛ්‍යය
නිතර ඇතිවන උගුර හා හිස සම්බන්ධ ආබාධයකින් පීඩාකාරි බවක් ඇතිකරයි. එමෙන්ම වරින්වර ඇතිවන ඇඟේ පතේ වේදනාවට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත්වීම වැදගත් වේ.
අය 06 වැය 04
ජය අංකය – 07
ජය වර්ණය – ළා නිල්
සුබ දවස – බදාදා
මීන
ගතසිත වෙහෙසයි
වගකීම් බහුල වුවත් සැලසුම් කිහිපයක් සාර්ථක කර ගැනීමට හැකිවන මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4 යන භාවමතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
සැනසිලිදායක බව තරමක්දුරට අඩු කරයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන සතියකි. ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. දුරගමනක් වෙනුවෙන් සැලසුමක් සකස්කර ගන්නා කාලයකි. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. ගේ දොර අඩුපාඩු කිහිපයක් සම්පූර්ණ කරගැනීමට අවස්ථාව උදා කරයි.
රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ ලිපිලේඛන ගැටලුවකට මුහුණපායි. විදෙස් රැකියාවකට සැලසුමක් ඇති කරගන්නා කාලයකි. රැකියාවේ කටයුතු උදෙසා දුර පළාතකට යාමට සිදුවෙයි.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යයි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන සතියකි.
සෞඛ්‍යය
මෙතෙක් පැවැති අසනීපයකින් සුවය හිමිකරයි. එහෙත් නිතර ඇතිවන අතේ පයේ වේදනාවකට ප්‍රතිකාර පතයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහිද සැලකිලිමත් වන්න.
අය 07 වැය 04
ජය අංකය – 07
ජය වර්ණය – කොළ
සුබ දවස – සඳුදා
සුබසෙත පුවත්පත ඇසුරෙන්..