'Pretty Little Baby' ජනප්‍රිය ගීතයේ ගායිකාව ජීවිතක්ෂයට
Friday, 18 July 2025 - 9:13 | Views - 360
 
මෑත කාලීනව අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති 'Pretty Little Baby' ගීතය ගයනා කරනු ලබන පොප් ගායිකාවක් සහ නිළියක් වන කොනී ෆ්‍රැන්සිස් මියගොස් තිබෙනවා.
 
මියයන විට ඇය 87 වියේ පසුවිය.
 
"Lipstick on Your Collar" සහ "Who's Sorry Now?" වැනි ජනප්‍රිය ගීත ද ඇය විසින් ගයනා කර තිබෙනවා.
 
ෆ්‍රැන්සිස් මෑතකදී වේදනා ගැටළු හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර, මෙම මස මුලදී ඇතැම් දර්ශන අවලංගු කිරීමට සිදු වූ බව ඇය සමාජ මාධ්‍යවල සඳහන් කර තිබුණු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
 
නිව් ජර්සි හි නිව්වාර්ක් හි කොන්සෙටා ෆ්‍රැන්කොනෙරෝ ලෙස උපත ලැබූ ඇය, ආතර් ගොඩ්ෆ්‍රේගේ ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවක් වන "ස්ටාර්ටයිම් ටැලන්ට් ස්කවුට්ස්" හි පළමු අවස්ථාව දිනාගෙන තිබෙනවා.
 
ඇගේ උපන් නමට වඩා උච්චාරණය කිරීම පහසු බව පවසිමිනුයි ආතර් ගොඩ්ෆ්‍රේ විසින් "කොනී ෆ්‍රැන්සිස්" යන වේදිකා නාමය ඇයට භාවිත කර ඇත්තේ.
 
ෆ්‍රැන්සිස් තිරයේ ද සාර්ථකත්වය අත්කර ගත් අතර, 1963 දී "Where the Boys Are" "Follow The Boys", 1964 දී "Looking For Love" සහ 1965 දී "When The Boys Meet The Girls" චිත්‍රපටවල රඟපා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top