රත්තරනින් හැඩ වෙන සිහිනය දකින ඔබට ඒ හීනය තවත් ඈතයි.. නොසිතූ ලෙස අදත් වැඩිවුණු රන්මිල..
හැමෝම කැමති තමන්ගේ කන කර ලස්සනට රනින් සරසාගන්න..
ඒක දවසින් දවස හීනයක් වෙන්නේ මේ ඉහළ යන රන්මිල නිසා කිව්වොත් හරි..
ඒත් ඒක ගොඩක් දෙනෙක්ට හීනයක් වෙන්නේ රන් මිල අහස උසට නගින නිසානේ..
මේ කියන්න යන්නේ රන්මිලේ සිදුවුණු තවත් වැඩිවීමක් ගැන කතාවක්.. ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,008,420.00ක් ලෙසයි..
ඒ අනුව කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 35,580.00ක් ලෙස සඳහන්ව තිබුණා...
කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 32,620.00ක් සහ රුපියල් 31,140.00ක් ලෙසයි සඳහන් වූයේ...