ඒ දියණියගේ පැරැණි පෙම්වතා.. වෙළෙඳසලේ කැමරා බැලූ ඇගේ මව්පිය දෙදෙනාගේත් ඉහමොළ රත්වුණා.. මිතුරා සමඟ පැන ගිය බිරිඳ සොයා සැමියා නීතියේ පිහිට පතයි..
Thursday, 17 July 2025 - 17:20 | Views - 85
ව්‍යාපාරික ස්ථානයේ සේවයට ගෙන්වාගත් බිරිඳගේ කළණ මිතුරා පැමිණ මාස කිහිපයකින් බිරිඳ සමඟ අනියම් සම්බන්ධයක් ඇති කරගෙන ඇය සමග පලා ගිය පුවතක් ඇසෙන්නේ දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින්.. 

සතුටින් හා නිදහසේ ජීවිතය ගත කරන තරුණ අඹුසැමි යුවළක් සිටි අතර, ඔවුනට දරුමල්ලන් ද සිටියේ නැහැ.. යෝජිත විවාහයකින් පසුව බිරිඳගේ ගම් ප්‍රදේශයට ආසන්නව නගරයක ව්‍යාපාරික ස්ථානයක් මිලදීගෙන වෙළෙඳ ව්‍යාපාරයක් ආරම්භ කළ අතර, එය දිනෙන් දින දියුණුවට ද පත්වුණා.. එක් දිනක් නගරයට ගිය අඹුසැමි යුවළට බිරිඳගේ පැරැණි මිතුරකු මුණගැසුණු අතර, තිදෙනා ආගිය තොරතුරු කතා කිරීමෙන් පසු ව්‍යාපාරික ස්ථානයේ වැඩ ඇති නිසා ඒවාට උදව් කිරීමට මිතුරාට අඹුසැමියන් ආරාධනා කළේ වැටුපක් ද ගෙවීමට හැකි බව පවසමින්..

දින කිහිපයක් ගත වීමෙන් පසු එම නිවෙසට ගිය මිතුරා ව්‍යාපාරික ස්ථානයේ වැඩ කටයුතු පිළිවෙළට සහ උනන්දුවෙන් සිදු කළා.. උදෑසනින්ම නින්දෙන් නැගිටින මිතුරා කුස්සියේ වැඩවලට බිරිඳට උදව් කරන්නට ද හුරු වීම නිසා සැමියාට එය මහත් අස්වැසිල්ලක් වුණා... සැමියා සවසට මධුවිත තොලගෑම පුරුද්දක් කරගෙන සිටි අතර, මිතුරාට මත්පැන් වහකදුරු වගේ වුණා...


මාස කිහිපයකින් කාලය ගෙවී යද්දී දිනක් සැමියාගේ පියාට අසනීප බව දන්වමින් තරුණ සැමියාගේ නැගණිය දුරකතන ඇමතුමක් ලබා දී පැවැසීමත් සමඟ ඔහු දෙලොවක අතරමං වූ මිතුරා පැමිණ වෙළෙඳසලේ වැඩ කරන නිසා දුරබැහැර ප්‍රදේශයක ජීවත්වන පියා බැලීමට යාමට නොහැකිව දස අතේ කල්පනා කරමින් මිතුරා සමඟ ඒ බව සාකච්ඡා කළා.. ගැටලු‍වක් නොමැති බවත්, ගමේ ගොස් පියාගේ සුවදුක් බලා පැමිණෙන ලෙසත්, ව්‍යාපාරික කටයුතු ගැටලු‍වක් නොවන ආකාරයෙන් බලාගැනීමට හැකි බවත් මිතුරා පැවසුවා.. මිතුරාට හොඳින් සලකන ලෙස බිරිඳට ද උපදෙස් ලබා දී එදිනම සවස පියා බැලීම සඳහා ඔහු පිටත්ව ගියා..

පියාගේ අසනීප තත්වය වැඩි වීම නිසා ඔහු රෝහල්ගත කර තිබුණා.. සතියක් පමණ පියාගේ නිවෙසේ ගත කළ ඔහු පැමිණෙන විට ව්‍යාපාරික ස්ථානය වසා දමා ඇති අයුරු දුටු සැමියා කලබලයට පත්වුණා.. උදෑසනත් බිරිඳ සමග දුරකතනයෙන් තොරතුරු කතා කළ අවස්ථාවේදී මිතුරා වැඩ කරන බව පැවැසීම නිසා ඔහු අන්දමන්ද වුණා.. ව්‍යාපාරික ස්ථානය අසල ඇති වෙනත් කඩයකින් විමසීමේදී ඔවුන් පැවැසුවේ, දින දෙකකින් වෙළෙඳසල විවෘත නොකළ බවයි..

සැතැපුම් පහක් පමණ දුර නිවෙසක සිටින බිරිඳගේ පියාට කතා කර ඔහු සහ මව ද ගෙන්වා ගත්තා.. තිදෙනා සමඟ කරුණු විපරම් කළ අතර, වෙළෙඳසලේ ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමේදී දියණියගේ පැරැණි පෙම්වතා වෙළෙඳසලේ වැඩ කර ඇති බව දුටු විටදී මව්පිය දෙදෙනාට ඉහමොළ රත්වුණා.. සිද්ධිය සැලවීමෙන් පසුව දැඩි ලෙස අසරණ වූ සැමියා නීතියේ පිහිට පැතූ අතර, බිරිඳ, සැමියා සහ මිතුරා හා බිරිඳගේ මවුපියන් ද නීතිය ඉදිරියට කැඳවා විමර්ශනයක් සිදු කිරීමේදී, බිරිඳ සැමියා ප්‍රතික්ෂේප කරමින් ඔහුගේ පැරැණි පෙම්වතා සමඟ යාමට අවශ්‍ය බවත්, මව්පියන් දෙදෙනා බල කිරීම හේතුවෙන් මෙවැනි විවාහයකට කැමැති වූ බවත් බිරිඳ ප්‍රකාශ කිරීම නිසා නිලධාරිහු ද දැඩි අපහසුතාවකට පත්වුණා..

තම දියණියගේ නීත්‍යනුකූල සැමියා ඉතා වැදගත් හොඳ මහත්මයකු බව පියා දැඩි ලෙස අවධාරණය කළ ද, බොහෝ කාලයක සිට සැලසුම් කර මෙලෙස ක්‍රියා කළ බව සැමියාට සහ මව්පියන්ට අනාවරණය කළ බිරිඳ, ‘මම සතුටින් ඉන්නවා’ යැයි පවසමින් පෙම්වතා සමඟ පිටව ගිය බව ද සැලවුණා..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top