සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවයි..
Monday, 14 July 2025 - 11:48 | Views - 724
2024 (2025) අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා.
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම ජුලි මස 14 (අද) සිට ජුලි මස 28 වන දින දක්වා සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
එමෙන්ම දේශීය සහ විදේශීය භාවිතය සඳහා මෙම විභාගයේ සහතික පත්‍ර අද (14) සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි වාර්තා වන්නේ.
විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ සියලුම පාසල් අයදුම්කරුවන්ගේ මුද්‍රිත කේවල ප්‍රතිඵල ලේඛන අදාළ විදුහල්පතිවරුන් වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ මුද්‍රිත කේවල ප්‍රතිඵල ලේඛන එම අයදුම්කරුවන් වෙතත් ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් පසු නිකුත් කරනු ලබන බවයි.
Share This Article