ලග්න 4කට වාසනාව රැගෙන එන තවත් සුවිශේෂී යෝගයක් ගැන ඇසෙන කතාව මෙන්න..
Saturday, 05 July 2025 - 14:36 | Views - 124
අපි ඇත්තටම මේ දේවල් ගැන ගොඩක් උන්න්දුවෙන් පසුවෙනවා..

ඒ නිසාම ඔබත් කැමති ඇති ඔබේ කේන්දරේ ග්‍රහ පිහිටීමවලට අනුව ඔබේ ලග්නයට සුබ අසුබ කාල සීමා දැනගන්න.. 

මේ කියන්න යන්නේත් අන්න ඒ වගේ තවත් එක කතාවක්..

වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ රාශි සතරට ජයග්‍රාහී සිකුරුගෙන් මාලවි මහා යෝග බලයද හිතවාදී වෙශී වොශී උභයචාරි යෝග බල ද රවි, චන්ද්‍ර, කුජ ආලෝක ග්‍රහබලද මඟින් ධනය, යාන වාහන, ඉඩකඩම්, ජනප්‍රියත්වය ආදි ලාභ ලැබෙන අතර කටක රවියෙන් ලග්න දොළසටම අභිමානනීය ඉදිරි ගමන් මඟ අවහිර බාධක දුෂ්කරතා බොහෝ දුරට පළවා හැරෙනු ඇත. කටක රවිය පුරා සොබා සෞන්දර්යය ද වර්ධනය වනු ඇත.

බ්‍රහස්පති හිමි ධනු උදා රාශිගත 04 වැන්නෙහි චන්ද්‍ර ශනි සෙනසුරු ඒරාෂ්ටකයද රාහු, කේතු කාල සර්පයෝගයද මඟින් මාධ්‍ය, තාක්ෂණික, ජන සන්නිවේදන ක්ෂේත්‍රවල නව නැම්මක් සහිත සුබවාදීබවක් පැතිරෙන්නේය.

බන්ධනාගාර, පාසල්, විශ්වවිද්‍යාල, රෝහල්, ජලනල, විදුලිය වැනි ක්ෂේත්‍රවල ගොඩනැගිලි ආශ්‍රිත ගැටලු ඇති විය හැකිය.

ලොව පුරා රාජ්‍ය යාන්ත්‍රණ ක්‍රමවත් ලෙස ගුණාත්මක ගමන් රටාවකට තුඩුදෙන බවක් විද්‍යමාන වෙයි.

සීමිත පිරිසකට අසීමිත සැප සම්පත් ධනය, බලය, ළඟා කරන ක්‍රමවේද වෙනස් මඟක් ගනු ඇත. විදේශ ආයෝජන ක්‍රමවත් ලෙස කළමනාකරණය වෙයි.

අධිකරණ, අධ්‍යාපනික, සෞඛ්‍යය, සුබ සාධන, කෘෂිකාර්මික ආදී ක්ෂේත්‍ර උසස් දියුණුවකට ළඟාවනු ඇත.

කාලගුණික, දේශගුණික, පාරිසරික විපර්යාස තවදුරටත් පවතිනු ඇත. රෝගාබාධ, වසංගත, හදිසි තීන්දු, ඝාතන, අභිරහස් කුමන්ත්‍රණ, පෙරළිකාර දේශපාලනික ක්‍රම යාමනය කෙරෙයි.

බ්‍රහස්පති හිමි ධනු රාශියෙහි 10 වැන්න වූ කර්ම ස්ථානය මෙන්ම 04, 01, 07 කේන්ද්‍රස්ථාන අතිශය දුර්වල වී යාම විශ්වය පුරා පවතින වර්තමාන යුදබිය වඩාත්ම ජනජීවිත කලඹන බවක් විද්‍යමාන කෙරෙයි.

කාල සර්ප යෝග බලය ඇතුළු පවතින ග්‍රහ ගෝචර ලොව පුරා විපර්යාස මතු වීමට හේතුවෙයි. ඒ තත්ත්වය අගෝස්තු 17 පමණ දක්වා පවතිනු ඇත.



මේෂ රාශිය

ධනස්ථානගත වූ නීච භංග රාජ යෝගය දහසක් දෝෂ භංග කරමින් ආලෝක ග්‍රහබල සමඟ මේෂ රාශිහිමි ඔබහට විජයග්‍රහණය උදා කරයි. සංසාරික සකලවිධ දෝෂ දුරු කර මනුලොව ජීවන දර්ශනය දැඩි උද්දීපනයකට භාජනය වී ඇත. උදාර ජීවන ගමන් මඟකට පෙරපින් මතුවන ගුණාත්මක කාල පරාසයකි. නව ගමන් මඟකට යොමුවිය හැකි පසුබිම ප්‍රභාමත් කරගැනීමට හැකි වෙයි.



වෘෂභ රාශිය

ශ්‍රී විෂ්ණු යෝගය මෙන්ම මාලවි නම් වූ පංචමහා පුරුෂ යෝග බලයද ලග්නයෙහි නීචභංග රාජ යෝගය ද උදාව පැවැතීමෙන් සංසාරික කුසල බල පිබිදී එයි. දැඩි උත්සාහය උනන්දුව මත රැකියා උසස්වීම්, රැකියා ලාභ, යාන වාහන, ගොඩමඩ ගොවිතැන් කටයුතු ඉඩකඩම් ලාභ, දැනුම, අවබෝධය, දියුණුව සැනසුම සතුට සම්පත් ගෙනදෙන පින්වත් කාල පරාසයකි. දෙස් විදෙස් ගමන් සාර්ථක වෙයි.



මිථුන රාශිය

12 වැන්නෙහි නීචභංග රාජයෝගබලයද ගජකේෂරී, බුධ ආධිත්‍යය ආදී ග්‍රහබල මඟින් දෝෂ සියල්ල භංගවෙයි. පින්දහම් කොට අවදානම් කටයුතු නොකරන අයට උසස් බලයක් ගතව යන කාල සීමාවේදීව ළඟා වෙයි. සුපින්වන්ත මානුෂික ආත්මය භාග්‍යයමත් කර්ම චක්‍රය දියුණු කර ගැනීම හිතවාදී වන්නෙකි. ලෞකික ලෝකෝත්තර දියුණුව ප්‍රාර්ථනා කොට සුබවාදී බවට පාත්‍ර කරගැනීම වැදගත් වෙයි.



කටක රාශිය

අයස්ථානයේ ග්‍රහ පිහිටීම් සියලු ආකාර වූ ලැබීම් කෙරෙහි සතුටුදායක වන බවක් පෙනීයයි. ආලෝක ග්‍රහබල ධනස්ථානය, භාග්‍යස්ථානය ආශ්‍රිතව නීච භංග රාජයෝගයෙන් සුබවාදී වී ඇත. ජීවිතය වඩාත්ම ඵලදායිබවට පාත්‍රවෙයි. වංචනික ප්‍රයෝගකාරී පිරිස් ඇසුරට ලැබුණත් මඟහැර දැමීම වැදගත් වෙයි. ඇසුරු කෙරෙණ පිරිස් අනුව කටක රාශිය හිමි ජන්මලාභීන් දියුණුව හීනකරගනු ලබයි. අනාගත සැලසුම් සාර්ථක කරගැනීමෙහිලා විජයග්‍රාහී අවස්ථා දියුණු කර ගැනීම ශුභයි.



සිංහ රාශිය

නීච භංග රාජයෝග බලය කර්මස්ථාන ගතවීම මෙන්ම 01, 08, 12 ආලෝක, මාලවී යෝගබලවලින් උදාසීනත්වය දුරස්ථ කෙරෙයි. විරුද්ධවාදීන් දුර්වල කෙරෙයි.

හිස, උදරය, යටිබඩ, කොන්ද, තුනටිය, දණහිස්, පාද ආශ්‍රිත රෝග මතු කෙරෙයි. ධනය, බලය මෙන්ම කායික මානසික තත්ත්වය ද දුර්වල වෙයි. දිගුකලකට පසුව ස්වකීය ඉදිරිය වෙනුවෙන් ගොඩමඩ ඉඩකඩම්, ව්‍යාපාර, උසස් ප්‍රභූ ජනයාද හිතවාදීව දියුණුවකට මඟ සැලසෙයි. ධාර්මික හැඟීම් සමඟ සිතැඟියාවන් ඉටුවන බවක් ද පෙනෙයි.

කන්‍යා රාශිය

ආලෝක ග්‍රහබලය මෙන්ම භාග්‍යස්ථානගත නීච භංග රාජයෝග බලයද, ගජකේෂරී යෝග බලයද ප්‍රබලව යෙදුණ භාග්‍යමත් කාල පරාසයකි. ලිපි ලේඛන, පොත් පත් ආශ්‍රිත කටයුතු විභාග, තුරඟ තරග කටයුතු, උසස්වීම්, රාජ්‍ය අංශයෙහි රැකියා ලාභ, ගොඩමඩ ඉඩකඩම්, පදිංචි ස්ථානගත කටයුතු මෙන්ම ඇරඹූ විවිධ කටයුතු කෙරෙහි ඉතා ශුභවාදී කාල පරාසයකි. පෞරුෂයෙන් ප්‍රෞඪත්වයෙන් ඉදිරියට යා හැකි වෙයි.



තුලා රාශිය

ආලෝක ග්‍රහබලයද 08 වැන්නෙහි යෙදී ඇති බලයද අතිශයෙන්ම ශුභවාදී වෙයි. රෝගාබාධ සහ බාහිර කරදර කම්කටොළුවලින් දුරස්ථ වූ ප්‍රීති ප්‍රමෝදය ගෙනෙන කාල පරාසයක් උදාවෙනු ඇත. කර්මාන්ත, වෙළෙඳ ව්‍යාපාර දියුණුව ද පවුලේ සමගි සමාදානය ද මතු කෙරෙයි. විවිධ රෝගාබාධ ද දුරු වෙයි. අතිශය සතුටුදායක පී‍්‍රතිමත් කාල පරාසයක් මතු කෙරෙයි. ප්‍රභූ ජනයා ඇසුරට ලැබෙයි.



වෘශ්චික රාශිය

අඟහරු කේතු 09 වැන්නේද නීච භංග රාජ යෝගය ද 07 වැන්නේද ආලෝක ග්‍රහබලයද අනුව විභාග තරගවලින් විජයග්‍රහණය, නිවාස ගොඩනැඟිලි ඉදිකිරීමද දෙස් විදෙස් සංචාර ද සතුටුදායක වෙයි. උසස්වීම්, ප්‍රභූ ජනයා ඇසුරට ලැබීමද සුබදායක වෙයි. උසස්වීම්, රැකියා ආදායම් මාර්ග ලැබීම් ඇතුළු යාන වාහන ලාභ උදාවෙයි. කලක සිට පැවතුණ රෝගාබාධ දුරු වෙයි. සිතෙහි සතුට සැනසුම ගෙනදෙයි.



ධනු රාශිය

සිතැඟියාවන් බොහෝ දුරට සඵලවෙන කාල පරාසයකි. රෝගාබාධ දුරු වෙයි. ආලෝක ග්‍රහබලයද ගජකේෂරී යෝග බලයද උදාවෙයි. නිර්ණාමික නාමික සොර සතුරන් දුරස්ථ වෙයි. සැනසුම සතුට සම්පත ගෙනදෙන භාග්‍යමත් කාල පරාසයකි. උදාර ගමන් මඟකට අවතීර්ණ වෙයි. 06 - 11 අධිපති සිකුරු යුරේනස් සමඟ සටනෙන් විජයග්‍රහණය ප්‍රශස්ත වෙන්නෙකි. සතුටෙන් සැනසුමෙන් ඉදිරි කාලය ගත වෙයි.



මකර රාශිය

පස්වැන්නෙහි නීච භංග රාජයෝග බලය මෙන්ම ආලෝක ග්‍රහගමන් මඟද ත්‍රිකෝණ, ෂඩ්කෝණ සංයෝග දෘෂ්ටීන් ආශ්‍රීතව ප්‍රබල ග්‍රහචාරයක් උදා කෙරෙයි. ප්‍රමාද වූ හෝ ආකූල ව්‍යාකූල වූ සියලුම කාර්යයන් යළි සතුටුදායක බවට පත් කෙරෙනු ඇත. ඔබ හට ධනය බලය පෙරදැරි කොටගත් උදාර ගමන් මඟක් හිමිවී ඇතිව ඇත. අනාගත රැකියා ආදායම් මාර්ග උසස්ම ජන දිවියක ලක්ෂණ බවට පරිවර්තනය කෙරෙයි. ප්‍රභූ ජනයා ඇසුරට ලැබෙයි.



කුම්භ රාශිය

සිවුවැන්නෙහි නීච භංග රාජයෝගය ආලෝක ශුභවාදී ග්‍රහ කිරණ, 02 වැන්නෙහි ලග්න මාරක සෙනසුරු ඒරාෂ්ටක කාල සර්පයෝග බලය ආශ්‍රිතව ශුභාශුභ මිශ්‍ර ග්‍රහචාරයක් පවතියි. වසංගත රෝගාබාධ, මූල්‍යමය හානිකරබව මෙන්ම වර්තමානයේ ශෝකාකූල බව, අපේක්ෂා බොහෝ දුරට අසාර්ථකවීම අන්ධානුකරණ ක්‍රියාකාරකම් උද්ගතවීම්, සමාජ තලයෙහි විවිධ විපත්තිකර ක්‍රියාකාරකම් බහුලව තීව්‍ර වන කාලයකි.



මීන රාශිය

සිකුරු වික්‍රමස්ථානගතව ජවබල සම්පන්න වීමද, ආලෝක ග්‍රහ කිරණ බලය ද දිගුකාලීන අරමුණු මාධ්‍ය ආශ්‍රිත අපේක්ෂා සාර්ථකවීමද ඔබහට විජයග්‍රහණය සඳහා ඉතා ශුභයි. වර්තමාන ග්‍රහ ගමන් මඟ නිසි අයුරින් ක්‍රියාත්මක වී යාමෙන් පවුලේ වැඩිහිටි ප්‍රශ්න ගැටලු විසඳීයෑම, ආලෝක ග්‍රහ කිරණ මඟින් විශිෂ්ට අභිමතාර්ථ සඵලවීමද පෙන්නුම් කෙරෙයි. ප්‍රබල වූ ග්‍රහ ගමන් මඟ සතුටුදායක දිවි මඟකට සාධක මතු කරයි.

සුබසෙත පුවත්පත ඇසුරෙන්.. 
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ඇය ඇත්තටම බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත චරිතයක්.ශෙනායා වැන්හොෆ්, මේ දවස්වල හිරු...
Hiru Tv Blog
කලා ලෝකයේ වගේම සමාජ මාධ්‍යවලත් නිතරම කාගේත් අවධානය දිනාගන්නා, තමන්ගේම අනන්‍යතාවයකින්...
Hiru Tv Blog
ලෝකයේ මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් පිරිසක් ඉතා නොඉවසිල්ලෙන් බලා සිටි "Eurovision...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top