ඒ වෙනුවෙන් බලා සිටි ඔබට මෙන්න තවත් අවස්ථාවක්..
මේ කියන්න යන්නේ තවත් විශේෂ ආරංචියක් ගැන ඇසෙන කතාවක්..
සමහරවිට ඔබත් මීට අභියාචනා කරන්න බලා සිටියත් ඒ අවස්ථාව ගිලිහුණා වෙන්න පුළුවන්.. මේ අන්න ඒ අයට සුබ ආරංචියක්..
ලබන 16 වැනිදා දක්වා අස්වැසුම වැඩසටහන සඳහා අභියාචනා ඉදිරිපත් කළ හැකියි.. මේ බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසනවා..
කෙසේ වෙතත්, අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ පැවසුවේ, දැනට අස්වැසුම දෙවන වටය සඳහා දොළොස් ලක්ෂ හැට දහසකට ආසන්න පිරිසක් ඉල්ලුම් කර ඇති බවයි...