මේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වාහන සෝදන මධ්‍යස්ථානයේ සේවය කරන තරුණයෙක්.. කටුනේරියේ කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය ගැන විමර්ශන අතරතුරදී හෙළිවූ කතාව මෙන්න..
Saturday, 05 July 2025 - 14:31 | Views - 93
තරුණ ව්‍යාපාරිකයාගේ මරණය ගැන මේ වෙද්දී තොරතුරු ගණනාවක් අනාවරණ වී තිබෙනවා..

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් විශේෂ කතාවක්..

ඔහුගේ මරණය අබිරහස් ලෙස සිදුව ඇත්තේ මීට දින කිහිපයකට ප්‍රථම‍යි.. මේ කියන්න යන්නේ අන්න ඒ සිද්ධිය ගැන ඇසෙන තවත් එක් කතාවක්..

මාරවිල, කටුනේරිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු ඝාතනය කර සිරුර වාහන සෝදන මධ්‍යස්ථානයක ජලය බැහැර කරන වළකට දමා සඟවා ඔහුට අයත් රුපියල් කෝටි දෙක හමාරක් වටිනා කැබ් රථය පැහැරගෙන ගිය ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනකු වෙන්නප්පුව පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා..

මෙම සංවිධානාත්මක කණ්ඩායම පැහැරගෙන ගිය කැබ් රථය වෙන්නප්පුව උදාසිරිගම ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි ඇතුළු නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර, මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි අවිවාහකයකු වූ ජයනාත් ප්‍රනාන්දු නමැති කෝටිපති ව්‍යාපාරිකයෙක්.. ඉකුත් 30 වැනිදා රාත්‍රියේ මෙම ඝාතනය සිදුවී තිබුණා..

ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා සහ සැකකරුවන් තිදෙනා සමීප මිතුරන් බව විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.. මොවුන් අතර ඉතාම සමීප සම්බන්ධයක් පැවති අතර එම සම්බන්ධය මුල්කරගෙන ඇතිවූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුවී ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබුණා..

සැකකරුවන් විසින් ඝාතනය කර ජලය බැහැර කිරීමට යොදාගත් වළේ සඟවා තිබූ ව්‍යාපාරිකයාගේ දේහය පොලිසිය විසින් ඊයේ ගොඩගත් අතර, ඒ වනවිටත් දේහය හඳුනාගත නොහැකි ආකාරයට ඉදිමී කුණු වී තිබූ බව පොලිසිය පවසනවා..

විමර්ශනවලින් හෙළි වූ අන්දමට සැකකරුවන් විසින් මෙම ව්‍යාපාරිකයා ඝාතනය කර ඇත්තේ ඉකුත් 30 වැනිදා රාත්‍රි කාලයේදීයි...

මෙම ඝාතනය මෙහෙය වූ ප්‍රධාන සැකකරු වාහන සෝදන මධ්‍යස්ථානයේ සේවය කරන තරුණයෙක්.. මොවුන් ඉකුත් 30 වැනිදා රාත්‍රී වාහන සෝදන මධ්‍යස්ථානයේදී මුණගැසී බියර් පානය කර තිබුණා..

සමීප සබඳතාවක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් ආරවුලක් දක්වා දුරදිග ගොස්, ඒ අවස්ථාවේ වාහන සෝදන මධ්‍යස්ථානයේ සේවකයා සඟවා තිබූ පිහියක් ගෙන ව්‍යාපාරිකයාට ඉන් ඇන ඔහු මරා දමා ඇති අතර, පසුව ඔහුගේ සිරුර වාහන සෝදන මධ්‍යස්ථානයේ ජලය බැහැර කරන වළට දමා සඟවා කොන්ක්‍රීට් ලෑල්ලකින් වළ වසා දමා තිබෙනවා.. තම පුත්‍රයා දින 2ක් තිස්සේ අතුරුදන්ව ඇති බවට ඔහුගේ මව විසින් පොලිසිය වෙත පැමිණිලි කරන්නේ ඔය අතරතුරදීයි..

ව්‍යාපාරිකයාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් විමර්ශන කරමින් සිටියදී වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චිට ව්‍යාපාරිකයාගේ කැබ් රථය සඟවා තබා ඇති නිවසක් පිළිබඳ තොරතුරු ලැබී තිබුණා..

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය එම නිවස වටලා කළ පරීක්ෂාවකදී කැබ් රථය සහ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබුණා...

ප්‍රධාන සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත සෙසු සැකකරුවන් ද අත්අඩංගුවට ගෙන තිබුණා.. 
දිවයින පුවත්පත ඇසුරෙන්.. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top