අංක විද්‍යාවට අනුව, ඔබේ නමේ මුල් අකුරෙන් ඔබ ගැන කියවෙන දේ ගැන හරියටම දැනගන්න..
Friday, 04 July 2025 - 9:15 | Views - 137
අංක විද්‍යාව අනුව මේ කියන්න යන කාරණය නම් ගොඩක් සුවිශේෂී එකක්... 

අපි හැමෝටම තියන අනන්‍යතාවයක් තමයි අපේ නම කියන්නේ.. අංක විද්‍යාවට අනුව නමේ මුල් අකුරෙන් කියවෙන පුද්ගල චරිත ලක්ෂණ ගැනයි මේ කියන්න යන්නේ..

A අකුර -

හොඳ ගුණාංග හා සිතුවිලි ඇත. බොහෝ හැඟීම්බරය. මනස ප්‍රායෝගිකත්වයට බරය. නිදහස, ස්වාධීනත්වය හා නායකත්වයට කැමතිය. සංචාරයන් යෙදේ. පදිංචි ස්ථානයද වෙනස් වේ. අන්‍යයන්ගේ දුක සැප බෙදා ගනී. ප්‍රසිද්ධිය ලබයි.

B අකුර -

ඔබ සංවේදී කෙනෙකි. ආදරය වැඩිපුර පතන කෙනෙක්. හරි ඉක්මනින් ප්‍රේම සම්බන්ධතා වලට යොමුවේ. මොවුන් වාද විවාද තර්ක වලට අකමැතියි. ඉක්මනින් මිතුරන් ඇති කර ගනී. ඔවුන් පමනට වඩා විශ්වාස කිරීම තුලින් බොහෝ අසීරුතාවයට පත් වේ.

C අකුර -

නිතර වෙනස් වන සුළු අයයි. මොවුන් තම හැඟීම් ප්‍රකාෂ කිරීමේත්, පැහැදිලි කිරීමේත් දක්ෂයි. ඒ වගේම මේ අය නම්‍යශීලී නෑ. අනාගතය හොඳට පෙනේ. කෙලින් කතා කරයි.

D අකුර -

මේ අය ප්‍රයෝගිකයි. දක්ෂයි. පිලිවෙලකට කටයුතු කරයි. ක්‍රමානුකූලයි. ආරක්ෂා සහිතයි. සාර්ථකත්වය කරා ගමන් කරයි. ඒ වගේම ඔබ කලබලවන ගතියද ඇත.

E අකුර -

මොවුන් නිදහසට ප්‍රිය කරයි. ඒ වගේම ලස්සනට අඳින්න පළඳින්න කැමතියි. මොවුන් සැබැවින්ම ප්‍රේමවන්තයන්, වන්තියන් ය. විවාහය වුවද එකකට වැඩි විය හැකිය. විනෝදයට කැමතිය.

F අකුර -

මේ අය අවන්කය. ආත්ම ගරුත්වය රකී. මිත්‍රශීලීය, ප්‍රේමාන්විතය. සංවේදී හදවතක් හිමියි. කාටත් උදවු කරයි. අන්‍යයන්ව පමණට වඩා විශ්වාස කිරීමෙන් වැලකී සිටිය යුතුයි.

G අකුර -

මොවුන්ට ප්‍රබල ආත්ම ශක්තියක් ඇත. බොහෝ සෙයින් හිතන අය වේ. පිලිවෙලකට හා ක්‍රමානුකූලව කටයුතු කරයි. යම් අවශ්‍යතා පැන නැගුන විට ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වේ. සාර්ථකත්වය කරා ටිකෙන් ටික පිය නගයි.

H අකුර -

මොවුනට හොඳ නිර්මාණාත්මක හැකියාවක් තිබේ. ආර්ථික පාඩු නම් ජීවිතයේ වරින් වර සිදු වේ. ස්වාදීනව කටයුතු කරයි. සතුරු කරදර වලින් ප්‍රවේසම් වන්න.

I අකුර -

මොවුන් හරිම හැඟීම් බරයි. හොඳ බුද්ධියක් ඇත. කලාකාමී අදහස් පවතී. ස්නායු ආබාධ හා ආතතිය වැඩිය. මොවුන් අන්තගාමී නොවිය යුතුය.

J අකුර -

මොවුන් නීති ගරුකයි. නම්‍යශීලියි. සංවේදීයි. අන්‍යයන් සමඟ සුහදත්වය වර්ධනය කරගෙන ජීවත් වීමට බලයි. කා සමගත් හොඳින් ගත කිරීමට කැමතියි. සත්‍ය ගරුකයි.

K අකුර -

සංවේදීය. ඒ වගේම මොවුන් නිර්මාණශීලීය. පරිස්සම් සහගතය. මොවුන්ට ජීවිතයේ බොහෝ ගැටුම් හා ප්‍රශ්ණ වලට මුහුණ දීමට සිදුවේ. ගුප්ත චරිතයකි. ඉක්මනින් කලබලයට පත් වේ.

L අකුර -

මොවුන් අත්දැකීම් වලින් පාඩම් ඉගෙන ගන්නා අයයි. හෙමින් කල්පනා කර බලා තීරණ ගනී. චරිතවත්ය. ඇවිදීමට, සංචාරයට කැමතියි. වාසනා ගුණයක් හිමියි.

M අකුර -

මොවුන් වෙහෙස මහන්සි වී වැඩ කරන අයයි. වැඩකිරීමෙන් සතුට ලබයි. දක්ෂ අයයි. කායික වශයෙන්ද ශක්තිමත්ය. ආර්ථිකය හා ගෙදර දොර වැඩ ගැන උනන්දුවෙන් කටයුතු කරයි. කැපී පෙනීමට කැමතියි.

N අකුර -

මොවුන් දක්ෂ නිර්මාණශීලී අය වේ. කොතරම් බාධක පැමිණියත් ධෛර්යය සම්පන්නව කටයුතු කරයි. අරගල සහිත ජීවිතයකි. මිතුරන් අධිකයි.

O අකුර -

මොවුන් ආත්ම ශක්තිය පැත්තෙන් ජව සම්පන්නයි. ආගම දහමට ළැදියි. විනය ගරුකයි. ණීති ගරුකයි. හරිම සංවේදීයි. මිතුරන් අධික වේ. මේ නිසා මිතුරන් ලෙස ඉන්න සතුරන්ගෙන්ද පරිස්සම් වෙන්න. වයස්ගත වන විට ධනවත් වේ.

P අකුර -

මොවුන්ට නොයෙක් ක්ෂේත්‍ර පිලිබඳ දැනුමක් ඇත. තීක්ෂණ බුද්ධියක් තිබේ. මොන ප්‍රශ්ණ ආවත් නොසැලී සිටීමට මොවුන්ට හැකියාවක් තිබේ. මිතුරන්ට උදව් කරයි.

Q අකුර -

මොවුන් මුදල් වලට ආශා කරයි. වරින් වර ආර්ථික කඩා වැටීම් ඇති වේ. ඔබ අන්‍යයන්ට තම ආධිපත්‍යය පැතිරීමට කැමතියි. ඒ වගේම් තේරුම් ගැනීමට අපහසු චරිතයකි. පමණට වඩා කලබල වෙන අයෙකි.

R අකුර -

මොවුන් ප්‍රසන්නයි. බලවත්. ඉක්මනින් ඕනෑම කෙනෙක් සමඟ මිතුරු වේ. කාරුණිකයි. කා හටත් උදව් කරයි. ඕනෑම අමාරු වැඩක් වුවත් කරයි. විවේචන වලට ඔබ කැමති නෑ. මතකය හා ධාරණය අඩුය.

S අකුර -

මොවුන් නිර්මාණශීලී අයයි. බුද්ධිමත්, ඔබ මිත්‍ර වන්නේ ඔබ කැමති දේට කැමති අය සමඟයි. ඒ වගේම ඔබ නීතිගරුකයි. විනෝදයෙන් කාලය ගත කරන්නට කැමතියි. ජනප්‍රියත්වයට කැමතියි. එඩිතරව තනි තීරණ ගැනීමට අපහසුයි.

T අකුර -

මොවුන් අරමුණ කරා යාමේදී පසු නොබසී. හොඳ බුද්ධියක් තිබේ. ස්වාධීනව අදහස් ක්‍රියාත්මක කරයි.ආගම දහමට ළැදියි. මානුෂිකත්වයට ගරු කරයි. හොඳ තීරණාත්මක අදහස් ඇත්තෙකි.

U අකුර -

මොවුන් මුදල් අතින් බොහෝ විට පාඩු විඳී. නිර්මාණශීලීයි. දක්ෂය. සත්‍යගරුකයි. මේ අය අනාගතය ගැන සිතා කටයුතු කරයි.

V අකුර -

මොවුන් අන්‍යයන්ගේ ගෞරවයට සැලකිල්ලට පාත්‍ර වේ. තමා අන්‍යයන්ට වඩා ඉහලින් සිටීමට බලයි. තර්කානුකූලව තමන්ගේ අදහස් ඉදිරිපත් කරයි.

W අකුර -

මොවුන් වෙහෙස මහන්සි වී වැඩ කිරීමට දක්ෂයි. අවදානම් වැඩකට උනත් බිය නෑ. ආරක්ෂාකාරීය. වෙනස් කම හා විවිධත්වයට කැමතියි.

X අකුර -

මොවුන්ට හොඳ කලාකාමී අදහස් තිබේ. අධිෂ්ඨානශීලීය. ධෛර්යයෙන් කටයුතු කරයි. කලාත්මක දේ වලට ප්‍රිය කරයි. තීරණ ගැනීමේදී මොවුන් ඉක්මන් නොවේ.

Y අකුර -

මොවුන් නිදහසට ප්‍රිය කරයි. තමා ගැන වැඩිපුර සිතන අයෙකි. දක්ෂ නිර්මාණාත්මක සිතුවිලි ඇත.

Z අකුර -

මොවුන්ට හොඳ පැහැදිලි වැටහීම් ඇති මනසක් තිබේ. කේන්ති යාම සහ ඉක්මන්කාරී කම නිසා පාඩු සිදු වේ. කායික හා මානසික වශයෙන් හොඳ ශක්තිමත් අයෙකි.

අන්තර්ජාලය ඇසුරෙන්.. 
Share This Article
Hiru Tv Blog
කොකෝවා , ලෝකයේ පැරණිතම ඖෂධීය ආහාරයක් බව...
Hiru Tv Blog
  නිදිකුම්බා පොළවට සමාන්තරව වර්ධනය වන...
Hiru Tv Blog
මදුරුවන් මගින් ව්‍යාප්ත වන චිකුන්ගුන්යා...
Hiru Tv Blog
බිංකොහොඹ සෙ.මි 15 පමණ උසට වර්ධනය වන කුඩා...
Hiru Tv Blog
වද මීටර් 3 පමණ උසට වැඩෙන පඳුරක් හෝ කුඩා ශාකයකි....
Hiru Tv Blog
අද කාලේ සමාජ මාධ්‍ය ගැන කතා කරද්දී අපිට අමතක කරන්නම බැරි, දකින දකින තැන ජනප්‍රියම...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ජාලාවල විශේෂයෙන්ම ටික්ටොක් හරහා ලංකාවම හඳුනන සුපිරි තරුවක් තමයි...
Hiru Tv Blog
ඇත්තටම ඇයගේ ලස්සන නම් කියාගන්න බැරි තරම්.. රශිප්‍රභා සංදීපනී, ලංකාවේ කවුරුත්...
Hiru Tv Blog
අද(16) රාත්‍රී කාලයේ සහ හෙට අලු‍යම් කාලයේදී වසරේ විශාලම උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය...
Hiru Tv Blog
  ඉන්දීය සිනමා නිළි දීපිකා පදුකෝන් (Deepika Padukone), රටවල් ගණනාවක් සඳහා Meta AI හි නව හඬ බවට...
Hiru Tv Blog
ඉතාලියේ සුඛෝපබෝගී ක්‍රීඩා මෝටර් රථ නිෂ්පාදක ෆෙරාරි (RACE.MI) සිය දැඩි අපේක්ෂාවෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top