නිවසට ආ සැමියා නොසන්සුන්.. ඔහු වහාම පොලිසිය දැනුවත් කර නිවසේ දොරගුළු අරින විට සිදුව තිබුණේ අදහාගන්න බැරි දෙයක්..
Friday, 04 July 2025 - 9:10 | Views - 94
නිවසට ආ ඔහු තරමක් කලබල වුණේ ඔවුන් ගැන කිසිම හෝඩුවාවක් නැති නිසා කිව්වොත් හරි..

ඇත්තටම ඔහුගේ බිරිඳටත් දරුවාටත් මොකක්ද මේ වුණේ..? මේ ඉන්දියාවෙන් ඇසෙන තවත් එක් අනුවේදනීය කතාවක්..

මවක් සහ පුතෙක් අවාසනාවන්ත ලෙසින් ඝාතනය කළ පුවතක් පිළිබඳව මේ තොරතුරු වාර්තා වෙන්නේ, ඉන්දියාවේ ලජ්පාත් නගරයෙන්... මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 42ක් වූ මවක් සහ ඇගේ 14 හැවිරිදි පුත්‍රයායි...

ඔවුන්ගේ මළ සිරුරු නිදන කාමරයේ සහ වැසිකිළියේ තිබී සොයාගත් බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.. ඝාතයට ලක් වූ කාන්තාවගේ සැමියා විසින් තම නිවසේ දොරගුළු දමා ඇති බවත්, නිවසේ පඩිපෙළෙහි ලේ පැල්ලම් ඇති බවත්, බිරිඳ සහ දරුවා දුරකථන ඇමතුම්වලට සම්බන්ධ නොවන බවත් පවසමින් පොලිසියට ඇමතුමක් ලබා දී තිබෙනවා..

වහාම ක්‍රියාත්මක වූ පොලිසිය අදාළ නිවසේ දොරගුළු කඩා පරික්ෂා කිරීමේදී කැපුම් තුවාල සහිත ඔවුන්ගේ සිරුරු ඔවුන්ගේ නිදන කාමරයේ සහ වැසිකිළියේ තිබී සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ..

සිදුවීම සම්බන්ධයෙන් සැකපිට ඔවුන්ගේ වෙලඳසැලක සේවය කළ 24 හැවිරිදි සේවකයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර සිදුවීම පිළිබඳව වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි..
Share This Article
Hiru Tv Blog
නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා පැය ගණනාවක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
ඇය නම් සරාගයෙන් දෑස් පිනවන තැනැත්තියක් කියන්න එක මේ ඡායාරූප පෙළ දුටු ගමන් නැවත...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top