මේ කියන්න යන්නේ මහ මග යන ඔබට තවත් වැදගත් වන කතාවක්..
ඊයේ දින සිදුවුණු මිල වැඩිවීමත් එක්කම පෙට්‍රල් මිලට මොකක් වේවිද..? මේ කියන්නේ අන්න ඒ ගැන ඇසුණු තවත් එක් විශේෂ කතාවක්..
පෙට්‍රල් මිල රුපියල් 12 කින් ඉහළ ගිය ද ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ නොදමන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර පවසනවා...
ඉන්ධන මිල ඉහළ ගිය ද පහළ ගියද ත්‍රීරෝද රථ ගාස්තු තීරණය කිරීමට ත්‍රීරෝද රථ වෘත්තීය සංගම්වලට බලයක් නොමැති බවත් එම ගාස්තුව සමස්ත රටටම තීරණ කිරීමේ නීතිමය බලය ජාතික ගමනාගමන කොමිසමට ද, බස්නාහිර පළාත නම් එම බලය බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට ද, ලැබී ඇති බවත් හෙතම මෙහිදී පැවසුවා..
මීට පෙර අවස්ථා කීපයකදී පෙට්‍රල් මිල පහළ දැමුව ද ත්‍රීරෝද රථ ගාස්තු පහළ නොදැමීම නිසා පෙට්‍රල් මිල ඉහළ ගිය වාහාම ගාස්තු ඉහළ දැමීමේ හැකියාවක් නොමැති බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවා..