හිරු 27 වසරක අභිමානවත් සාංවත්සරික සැමරුම අදයි ..
ශ්‍රී ලාංකේය මාධ්‍ය වංශකතාවේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළ අංක එකේ ජනමාධ්‍ය සන්නාමය හිරු අද (01) සිය 27 වැනි සංවත්සරය මහත් අභිමානයෙන් යුතුව සමරනවා.
1998 ජූලි පළමුවැනිදා මෙරට විද්‍යුත් මාධ්‍ය අවකාශයට හිරු පායා එන්නේ ශ්‍රී ලාංකේය ජනමාධ්‍ය වංශකතාවේ නැවුම් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්.
සියල්ලට ඉහළින්, සියල්ල දකිමින්, සියලු තැන්හි සරනා හිරු එවක පැවැති සියලු මාධ්‍ය සම්ප්‍රදායන් අතික්‍රමණය කරමින් ඉතා කෙටි කාලයක් තුළ ජනතාව අතර අංක එක බවට පත්වුණා.
ආරම්භයේ පටන්ම සුපැහැදිළි STEREO ශබ්ද තාක්ෂණයෙන් බලගැන්වෙමින් මාධ්‍ය අවකාශය තුළ හිරු FM සිය අණසක පැතිරුවා සේම සුපැහැදිළි HD තාක්ෂණයෙන් බලගැන්වී දිවයින පුරා පුළුල් ආවරණයකින් සන්නද්ධව හිරු TV විකාශන කටයුතු ආරම්භ කළේ FULL HD තාක්ෂණයෙන් සවිබලගැන් වූ මෙරට ප්‍රථමයා බවට පත්වෙමින්.
දකුණු ආසියාවේ හොඳම අධි තාක්ෂණයෙන් යුත් බාහිර විකාශනාගාරය මෙන්ම, නවීනතම කැමරා, අධි තාක්ෂණික උපකරණවලින් සන්නද්ධ හිරු LIFE STUDIO මැදිරි සංකීර්ණයෙන්ද හිරු මාධ්‍ය ජාලය සමන්විතයි.
ආගමික ප්‍රබෝධය ඇති කිරීම මාධ්‍යයේ සුවිශේෂී වගකීමක් සේ සළකන හිරු මඟින් හිරු ශාක්‍යසිංහ මංගල්‍යය, හිරු උත්තම ධාතු වන්දනාව, ශාසනාවතරණය, ශ්‍රද්ධාභිවන්දනා ඇතුළු වැඩසටහන් හරහා ආගමික චිරස්ථිතිය උදෙසා සිදුකරන මෙහෙවර කිසිවෙකුට සම කළ නොහැකියි.
ශ්‍රී ලාංකේය රූපවාහිනී වංශ කතාවේ වින්දනාධිපති වූ හිරු මෙරට සිනමා කර්මාන්තයේ ප්‍රගමනය උදෙසා ඉටුකරන සුවිශාල මෙහෙවරේ කූඨප්‍රාප්තිය සනිටුහන් කළේ, ජනකාන්ත බොලිවුඩ් තරු මෙන්ම මෙරට කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් සංවිධාන කරන HIRU GOLDEN FILM AWARDS සම්මාන උළෙල අරඹමින්.
මෙරට රියැලිටි ටෙලිවිෂන්කරණය ද උඩු යටිකුරු කරමින් නව මානයකට ගෙන ආ හිරු ජාත්‍යන්තර ප්‍රමිතිගත රියැලිටිකරණයේ විප්ලවීය වෙනස 'හිරු ස්ටාර්' ඔස්සේ ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයා වෙත ළඟා කළා.
ජනතාවගේ සත්‍ය දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් පැත්ත ගියත් ඇත්ත කියන අපි ජනතාවට සිදුවන අසාධාරණකම් හමුවේ ජනතාවගේ පැත්තේ සිටගනිමින් ඔවුන් වෙතටම ගොස් නිරන්තර ප්‍රවෘත්ති වාර්තාකරණයේ යෙදෙන්නේ ඔබ අප පිළිබඳ තැබූ විශ්වාසය නිසාමයි.
ලොව උසස්ම AR සජීවීකරණ තාක්ෂණයෙන් බලගැන්වුණු අධි තාක්ෂණික රොබෝටික් කැමරාවලින් සන්නද්ධ නවීන ප්‍රවෘත්ති මැදිරියක සිට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් 3ක් ඔස්සේ ඔබට තොරතුරු ගෙන එනවා.
සියලු තොරතුරු එසැණින්, නිරවුල්ව සහ විශ්වසනීය ලෙස ඔබට ගෙන එන හිරු, විශිෂ්ටතම ප්‍රවෘත්ති සපයන්නා මෙන්ම වඩාත් ජනගත ප්‍රවෘත්ති සපයන්නා ලෙස මෙරට ප්‍රමුඛ පෙළේ සම්මාන උළෙල සියල්ලේම සම්මානයට පාත්‍ර වුණා.
ඒ ප්‍රවෘත්ති සන්නාමයන් අතර හිරු NEWS අංක එක බවට යළි යළිත් තහවුරු කරමින්.
මෙරට එකේ රූපවාහිනී, ගුවන් විදුලි මෙන්ම ප්‍රබල සමාජ මාධ්‍ය නාලිකා රැසක් හිමි හිරු මාධ්‍ය ජාලය 27 වසරක් පුරාවට ආ අභිමානවත් ගමන් මඟේ නියමුවානන් වන්නේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතායි.
27 වසරක් පුරාවට ශ්‍රී ලාංකේය මාධ්‍ය වංශකතාව තුළ හිරු තැබූ කිසිදා නොමැකෙන ස්වර්ණමය මුද්‍රාවේ සැබෑ හිමිකරුවා ශ්‍රාවක, ප්‍රේක්ෂක ඔබයි, ඔබ අපේ වත්කමයි.