මහව ව්‍යාපාරිකයාගේ අභිරහස් මරණය ගැන සොයන්න විමර්ශන කණ්ඩායම් 08ක්..
Friday, 27 June 2025 - 13:54 | Views - 239
 
කුරුණෑගල - මිල්ලව ප්‍රදේශයේ හෝටල් ඇතුලූ ව්‍යාපාර කිහිපයක් හිමි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගේ අභිරහස් මරණය පිළිබඳ සෙවීමට පොලිස් කණ්ඩායම් 8ක් යොදවා තිබෙනවා. 
 
ඝාතනයට ලක්වීමට පෙර එම ව්‍යාපාරිකයා විසින් රන් ආභරණ උකසට තබා ලබාගත් රුපියල් ලක්ෂ 25 ක පමණ මුදලක් ඔහු සතුව තිබී ඇති අතර සිරුර සොයාගැනීමෙන් පසු සිදුකළ පරීක්‍ෂාවේදී එම මුදල මෝටර් රථයේ තිබී හමු වී තිබෙනවා. 
 
ඒ අනුව මෙම මුදල් කුමන කටයුත්තක්සඳහා ළඟ තබාගත්තේ ද නැතහොත් එය ඝාතනය සිද්ධිය සමග සම්බන්ධයක් තිබේ ද යන්න පිළිබඳව විමර්ශන කණ්ඩායම්වල අවධානය යොමුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. 
 
එමෙන්ම ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයාගේ දුරකතන විශ්ලේෂණ වාර්තාවක් ලබාගැනීමට ද පියවර ගෙන තිබෙනවා. 
 
මහව - දියටැඹේ කැළෑබද ප්‍රදේශයක පුලූස්සා දමා තිබියදී මෙම ව්‍යාපාරිකයාගේ සිරුර පොලිසිය විසින් සොයා ගැණුනේ ඊයේ පස්වරුවේදියි. 
 
ඒ, ඔහු නිවසින් පිටව ගිය සිය පුද්ගලික ජීප් රථය තුළ තිබියදීයි. 49 හැවිරිදි මොහු කුරුණෑගල මිල්ලව ප්‍රදේශයේ ව්‍යාපාර කිහිපයක හිමිකරුවෙකු වනවා. 
 
මෙම ව්‍යාපාරිකයා පෙරේදා නිවෙසින් පිටව ගොස් තිබුණේ, කොන්ඩය කැපීම සදහා යන බව පවසමින්. 
 
එහෙත් සවස් වනතුරුත් නිවසට නොපැමිණීම හා ජංගම දුරකතනය ක්‍රියා විරහිත කර තිබීම හේතුවෙන් බිරිද විසින් දොරටියාව පොලිසිය වෙත ඒ පිළිබදව පැමිණිලි කර තිබුණා. 
 
ඒ අතරතුර ගවයන් බැලීමට කැලෑ ප්‍රදේශයට ගිය පුද්ගලයෙකු ලබාදුන් තොරතුරක් ඔස්සේ සිදුකළ පරීක්‍ෂණයකදී පිළිස්සී මියගිය ව්‍යාපාරිකයාගේ සිරුර මෙලෙස හමුවී තිබුණා. 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top