නිවසට සිරිකත කැන්දන සුදු මල් බඳුන.. දේවාශීර්වාදය ලැබී සතුට, සැනසුම ළඟා කරගන්න නම් නිවැරදි ක්‍රමය දැනකියාගන්න..
Thursday, 26 June 2025 - 13:41 | Views - 178
නිවසක් ඉදිරිපිට සුදුමල් බඳුනක් තබන එක සුදුසුද..?

සමහරෙක් මේක කරන්නේ අලංකාරයට, තව අයෙක් හැම තැනකම තියනවා දැකලා ඇති නිසා මෙහෙම තියනවා ඇති.. 

ඒත් ඇත්තටම මේක ඔබේ නිවසට නැතිනම් ව්‍යාපාරික ස්ථානයට සුබයිද..? ඈත අතීතයේ සිට පැවති අපේ සිරිත් විරිත්වලට මෑත කාලයේ එකතු වූ අලුත්ම සම්ප්‍රදාය ලෙස නිවෙස ඉදිරිපිට තබන සුදු මල් බඳුන ගැන ඔබ නොදන්නා දේ දැනගන්න කැමතිද..? මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන විශේෂ කතාවක්..

සිංහල බෞද්ධ ජනතාව හා බැඳී පවතින චාරිත්‍රවලදී වතුරවලට මුල් තැනක් දී තිබෙනවා. අප ශුභ ගමනක් යන විටදී පවා සුදු මල් දැමූ වතුර වීදුරුවක් රැගෙන එන අයෙකු මුණ ගැසීමද යහපත් ප්‍රතිඵල ගෙන දෙන බව පිළිගැනීමයි.

ස්වභාවධර්මයා විසින් අපට ලබා දුන් උතුම් වූ දායාදයකි වතුර. විවාහ මංගල උත්සවයේදී මංගල පෝරුවේදී පවා මනාල යුවළට අත පැන්වත් කරන්නේ නිදුක් නීරෝගි සුවය හා සැප සම්පත උදාවේවා යැයි යහපත් චේතනාවෙන්. මනාල යුවළ ශුභ නැකතින් මංගල ගමන අරඹන විටදී සුදුමල් දැමූ වතුර බඳුනක් දෝතින් ගෙන තම මෑණියන් ඉදිරියට එන්නේද වතුර සෞභාග්‍යයේ සංකේතයක් නිසාවෙන්. සිංහල අලුත් අවුරුද්ද ලබන විට ගෘහිණිය විසින් පිරිසුදු වතුර කළයක් නිවෙසට රැගෙන එන්නේද තම නිවෙසට සැප සම්පත ධනය හා සෞභාග්‍ය ලබා ගැනීමට‍යි.

නවග්‍රහයින් අතර සඳු හා සිකුරු ශුභවාදි ග්‍රහයන්ය. මේ ග්‍රහයන්ට අයිති වර්ණයද සුදු බව පැවසෙනවා. සුදුපාට යනු පවිත්‍ර බවේ සංකේතයයි. සෑම ශුභවාදී කටයුත්තකටම ඉදිරියෙන් සිටින්නේ සුදුම සුදු වර්ණයයි. අනෙකුත් සෑම වර්ණයකටම වඩා සුදු පාට ඉතා පිරිසුදුයි. දැකුම්කලුයි. ඒ වගේම තම නිවෙසට, නිවැසියන්ට ඇතිවන ඇස්වහ කටවහ දෝෂවල අහිතකර බලය වතුරට ඇද ගැනීමට හැකියාව ඇති අතර, තම නිවෙසට පැමිණෙන අයගෙන් ඇතිවන ඇස් වහ කටවහ දෝෂවලින් ආරක්ෂා වීමට තම නිවෙස ඉදිරිපිට මෙසේ දිය පිරි බඳුනක් තබා එයට සුදු මල් දමා තබනු ලැබෙනවා.

නිවෙසට සිරිකත කැන්දන ශ්‍රීයාකාන්තා දේවියගේ ගෙල බැඳි මල් මාලයේද ඇත්තේ සුදු මල්ය. එනිසාම ශ්‍රියාකාන්තා දේවියගේ බැල්ම ලබා ගැනීමටත් ඇස්වහ කටවහ දෝෂ දුරුවීමටත් තම නිවෙසට සෞභාග්‍ය උදා කර ගැනීමටත් මේ සුදු මල් පිරි වතුර බඳුන තැබීමේ ක්‍රමය ඉතාම සුදුසුයි. වතුර පිරවූ මේ සුදු මල් බඳුන තම නිවසේ ප්‍රධාන දොරටුව අසල තැබීම ඉතා යහපත් ප්‍රතිඵල ගෙන දේ. එය වඩාත්ම සාර්ථක වීමට නම් නිවෙසට පිවිසෙන පැත්තේ දකුණු දෙසින් තිබීම සුදුසු වෙනවා. එමෙන්ම නිවෙස හා අවට භූමියද ඉතා පිරිසුදුව තබා ගැනීමද වැදගත්.

අඩුම වශයෙන් මෙම වතුර බදුන පොළොව මට්ටමේ සිට අඩි 3ක් වත් උසකින් තිබිය යුතුය. අඩි 3කට වඩා පහළින් මේ වතුර බඳුන තැබීමෙන් ඔබ බලාපොරොත්තුවන ශ්‍රියා කාන්තා දේවියගේ බැල්ම හා යහපත් ප්‍රතිඵල නොලැබේ. සුදු මල් දැමූ වතුර බදුන පහතින් තැබූ විට නිවෙසේ ඇති කරන පූසා, බල්ලා වැනි සුරතල් සතුන් මේ වතුර බඳුනෙන් ජලය බීමටද හැකිය.

එසේ සිදු වන්නේ නම් ශ්‍රියාකාන්තා දේවියගේ බැල්ම දේවාශීර්වාදය තම නිවෙසට නෙැලැබී යනු ඇත. යහපත කෙසේ වෙතත් දේව දෝෂ, දේව කෝප ඇතිවේ. සෞභාග්‍ය උදා කර ගැනීමට නම් ඉතා පිරිසිදු ජලය තිබිය යුතුය. සෑම දිනකම උදයේ මේ කාර්යය යහපත් චේතනාවෙන් සිදු කළ යුතුවේ. කලින් දින බඳුනට දැමූ වතුර හා මල් ඉවත් කර නැවත අලුත් පිරිසිදු වතුර හා සුදු මල් දැමීම මඟින් ඔබේ නිවෙසේ ඇස්වහ කටවහ දෝෂ දුරුවී නිවෙසට සිරිතක කැන්දන ශ්‍රියා කාන්තා දේවියගේ බැල්ම හා දේවාශීර්වාදය ලැබී සතුට, සැනසුම නීරෝගි සුවය හා සෞභාග්‍යය උදාවෙනු ඇතියි.

අන්තර්ජාලය ඇසුරෙන්..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top