කැලුම් සහ චමල්ගේ ජීවිතවල ඉරණම මේ විදිහට විසඳුණේ ඇයි..? මිද්දෙණියේ ද්විත්ව ඝාතනය ගැන වෙනස්ම හෙළිදරව්වක් මෙන්න..
Thursday, 26 June 2025 - 13:31 | Views - 256
මේ සිද්ධිය ගැන විවිධ කතා අහන්න දකින්න ලැබුණා.. මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් තවමත් ඇත්තේ අබිරහසක්...

මිද්දෙණිය, තෝරකොළයාය ප්‍රදේශය් තේක්ක කැලෑවකදී කුලී ඝාතකයන් විසින් තරුණයන් දෙදෙනකුගේ හිස්වලට වෙඩි තබා ඔවුන් ඝාතනය කර ඇත්තේ මත් කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත බව පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබෙනවා..

ඝාතනයට ලක්වූ තරුණයන් දෙදෙනා කාලයක් තිස්සේ කුඩු ජාවාරම ජයටම කරගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබෙනවා..

මෙසේ ඝාතනයට ලක්ව ඇති එක් පුද්ගලයකු වන්නේ 26 හැවිරිදි කැලුම් තුෂාර නමැති අයෙක්.. ඔහු බෝගස්වැව, තෝරකොළයාය, ඇඹිලිපිටියේ පදිංචිකරුවකු වන අතර විදේශගතව රැකියාවක් කර මෙරටට පැමිණි අයෙක්..

ඝාතනයට ලක්වූ අනෙක් පුද්ගලයා චමල් අබේසේකර නමැති 40 හැවිරිදි පුද්ගලයෙක්.. ඇඹිලිපිටියේ පදිංචිකරුවකු වන මොහු වෘත්තියෙන් බස් රථ රියදුරෙක්..

මෙම පුද්ගලයන් දෙදෙනා තෝරකොළයාය ප්‍රදේශයේ තේක්ක කැලයක් වෙත ගෙන්වාගෙන ගොස් වෙඩි තබා ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කර තිබෙනවා..

ඝාතනය සිදුවූ ස්ථානයේ ඔවුන් පැමිණි යතුරුපැදිය ද වැටී තිබී පොලිසිය මගින් සොයාගෙන ඇත. මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් මෙම ඝාතනය සඳහා යොදාගෙන ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබුණා..

මෙම ඝාතනය සිදු කළ පුද්ගලයන් ඝාතනයට ලක් වූවන්ගේ හිතවතුන් විය හැකි බවත් ඔවුන් මෙම පුද්ගලයන් දෙදෙනා තේක්ක කැලයට කැඳවා මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවත් පොලිසිය සැක පහළ කරනවා...

මෙම කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ ඩුබායි ළහිරු නමැත්තෙකු විසින් බව පොලිසිය පවසනවා...

මෙම කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ ඩුබායි ළහිරු නමැත්තෙකු විසින් බව පොලිසිය පවසනවා...

දිවයින පුවත්පත ඇසුරෙන්.. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top