අතිශ්‍යය ජනාදරයට පත් සුප්‍රකට නළුවෙක් ජීවන රඟමඩලෙන් බැසයයි..
Thursday, 26 June 2025 - 13:26 | Views - 96
ඔහු කාලයක් තිස්සේ එකම විදිහට තමන්ගේ ජනප්‍රියත්වය රඳවා ගන්නට සමත් වුණු රංගන ශිල්පියෙක්.. 

මේ කියන්න යන්නේ ඔහුගේ වියෝව ගැන ඇසෙන ඒ සංවේදී කතාවයි.. 

“ද මෝනිං ෂෝ” සහ “සැන්ටා බාබරා” හි රංගනයෙන් දායක වූ අමෙරිකානු නළු ජෝ මැරිනෙලි මියගොස් තිබෙනවා..

මියයන විට ඔහු 68 හැවිරිදි වියේ පසුවූවා..

වසර කිහිපයක සිට උගුරේ සහ අමාශයේ වැළඳී තිබූ පිළිකා රෝගී තත්ත්වය නිසා ඔහු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ..

මැරිනෙලි 1957 ජනවාරි 21 වන දින කනෙක්ටිකට් හි මෙරිඩන් හි උපත ලැබූ අතර වයස අවුරුදු 4 දී දකුණු කැලිෆෝනියාවට සංක්‍රමණය වී තිබෙනවා..

පසුව ලොස් ඇන්ජලීස් හි ආර්කේඩියා උසස් පාසලට සහ නෙවාඩා හි රෙනෝ උසස් පාසලට ඇතුළත් වූ ඔහු ලන්ඩනයේ ලොයෝලා මේරිමවුන්ට් විශ්ව විද්‍යාලයෙන් සහ රාජකීය නාට්‍ය කලා ඇකඩමියෙන් (RADA) උසස් අධ්‍යාපනය ලබා තිබුණා..

1988-90 දක්වා බර්නාඩෝ "බනී" ටැග්ලියාටි ලෙස ඔහු රඟපෑමෙන් පසු, 1993 දී ගයිඩින් ලයිට් නාට්‍යයේ පෝලි හාර්ඩ්මන් චරිතයට රංගනයෙන් දායක වී තිබෙනවා..

එමෙන්ම 1999-2001 දක්වා කාලයේ ජෙනරල් හොස්පිට්ල්හි ජෝසප් සොරෙල් නමැති චරිතය නිරූපණය කර ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ..

ඔහුගේ වෘත්තීය ජීවිතය පුරාම, ඔහු One Last Ride, Hunter, ER, The King of Queens, NYPD Blue, The West Wing, The Practice, House, Castle, Desperate Housewives, Parenthood, The Offer, Ray Donovan ඇතුළුව චිත්‍රපට සහ රූපවාහිනී නිර්මාණ 50කට අධික ප්‍රමාණයකට දායක වී තිබෙනවා...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top