ඒ බිළිඳියගේත් ඇයගේත් ජීවිත බේරාගන්න මේ වෙද්දී ඔහු විශාල සටනක් කරනවා..
ඉතාමත් දුශ්කර ජීවිතයක් ගත කරන මොවුන්ගේ මේ ඉල්ලීම කාගේත් හදවත් කම්පා වෙන කාරණයක් කිව්වොත් වැරදි නැහැ..
මේ ලෝකට දැක්ක ඒ සිඟිත්තාට අදට හරිටම දින අටක්.. මවගේ උණුහුම මේ දරුවාට හිමිවුණත්, මවට මේ දරුවා වෙනුවෙන් නිසි පෝෂණයක් ලබාදීමට නොහැකිව ඇත්තේ ඇය පෙළෙන දරුණු රෝගී තත්වය නිසායි..
කලා වැව දියවර ගම්මානයේ පදිංචි සුදර්ශනී නිරෝෂා, වයස අවුරුදු තිස්පහක් වන තැනැත්තියක්.. ඇගේ තුන්වැනි දරු ප්‍රසූතිය සඳහා ඇය සූදානම් වන විට දරු ගැබට මාස 7ක් වන විට දරුණු පියයුරු පිළිකා රෝගයෙන් පෙළෙන බවට හඳුනාගෙන තිබෙනවා..
මේ හේතුවෙන් ඉපදී දින අටක් වන ඇගේ පුංචි බිළිඳියට මව් කිරි ලබාදීමට නොහැකි වී ඇති අතර, දරුවාගේ පෝෂණය සඳහා එහිදී වෛද්‍යවරුන් විසින් කිරි පිටි දීමට තීරණය කර තිබෙනවා..
කෙසේ වෙතත් සුදර්ශනී සහ ඇගේ සැමියා පවසන්නේ මෙම බිළිඳියට එම කිරිපිට ලබාදීමද, තම පවුල ඇතුළේ පවතින ආර්ථික දුශ්කරතා හමුවේ අසීරු බවයි.. හතළිස් තුන් හැවිරිදි ඇගේ සැමියාත් තිස් පස් හැවිරිදි සුදර්ශනීටත්, තවත් දරුවන් දෙදෙනෙක් සිටින අතර, මෙම දරුවන් තිදෙනාගේ කටයුතු මෙන්ම රෝගය සඳහා බෙහෙත් ලබාගැනීමද ඔවුන්ට මේ මොහොතේ දුශ්කර කටයුත්තක් ව තිබෙනවා..
මෙම බිළිඳියගේ එක් කිරිපිටි ටින් එකක මිල රුපියල් 3350 වන අතර, තම දරුවන් ජීවත් කරවීමටත් බිරිඳගේ ප්‍රතිකාර සඳහාත් සුදර්ශනීගේ සැමියා හැකියාවක් පවතින කාරුණික හදවත් ඇති අයගෙන් උපකාර අපේක්ෂා කරනවා..
ඉතින් ඒ වෙනුවෙන් මහියංගනය මහජන බැංකුවේ ගිණුම් අංක 058 2 00 3 1 00 34209 ට මුදල් බැර කිරීමෙන් උපකාර කළ හැකියි.. එසේම 072 9066150 යන දුරකතන අංකයෙන්ද ඔවුන් සම්බන්ධ කරගැනීමට හැකියි..