දත් දෙපළෙන් කියැවෙන ඔබේ ගතිගුණ.. දත් පෙළේ හැඩ අනුව ඔබ ගැන දැනගන්න කැමතියිද...?
Wednesday, 25 June 2025 - 14:53 | Views - 181
මේ කියන්න යන්නේ ඔබත් දැනගන්න කැමැත්තෙන් හිටපු කාරණාවක් වෙන්න පුළුවන්..

කාන්තාවකගේ සුන්දරත්වය වැඩි වෙන තවත් එක සාධකයක් තමයි ඇගේ සිනහව කියන්නේ.. 

එක් එක් කාන්තාවන්ගේ මේ සිනහව රැකෙන්න නම් ඇගේ දත්පෙළ ගැන සැලකිලිමත් වෙන එක වැදගත්.. කොහොම වුණත් ඔබේ සිනහවට පාර කියන දත් පෙළ මේ වගේ අනාවැකි කියාවි කියලා ඔබ නිකමටවත් හිතුවාද..?

සුන්දරත්වයෙන් පිරි සිනහව තුළින් පිටතට විවර වන දත් දෙපළෙන් කියැවෙන ඇගේ ගතිගුණ පුරාණ සෘෂිවරු කියා තියෙන්නේ මෙන්න මේ වගේ කතාවක්..

දත් උල්ව පිහිටි ස්ත්‍රිය

තම සැමියාව නිතර සැක කරයි. සැමියාව පිට මිනිසුන් ඉදිරියේ විවේචනය කරයි. පුද්ගලයන් ඉදිරියේ තම සැමියාව හාස්‍යයට ලක් කරයි. තම සැමියා කරන කටයුතු අවඥාවට ලක් කරයි. මොවුන්ගේ විවාහ ජීවිතය අඩදබරවලින් පිරි එකකි. නමුත් මෙවන් ස්ත්‍රීන් බොහෝ ධනවත් වේ.

උඩු ඇන්දේ පමණක් දත් දුරින් පිහිටි ස්ත්‍රිය
තම සැමියාව නිතර වරදෙන් මුදා ගැනීමට උත්සාහ කරයි. නමුත් මෙවන් ස්ත්‍රීන්ගේ සැමියන් වරදට පෙලඹෙන, නැති නාස්ති කරන අයෙකි. ගේ දොර සාමය බිඳවැටී සමාජයෙන් අපහාස, අපවාද විඳීමට සිදුවේ. නමුත් මෙවන් ස්ත්‍රීන් ජීවිතයේ අග භාගයේදී සැප සහිතව ජීවත් වේ.

මනාව පිහිටි දත් දෙපළක් මතින් නළ දත් පිහිටි ස්ත්‍රිය
මෙය ස්ත්‍රියකට ඉතා වාසනාවන්ත පිහිටීමකි. මොවුන් යස ඉසුරු ලැබී සමාජයෙන් ගෞරව, ප්‍රශංසා ලැබීම සිදුවේ. අනුන්ව තමන්ගේ බසට නතුකර ගත හැකිය. දූ දරුවන්ගේද ආදරයට, ගෞරවයට පාත්‍ර වේ.

යටි ඇන්දේ දත් පළල්ව පිහිටි ස්ත්‍රිය
අත්තනෝමතිකව ක්‍රියාකරන, මුරණ්ඩු ගති බහුල කලහකාරී ස්ත්‍රියකි. මෙවන් ස්ත්‍රීන් නිවස තුළ සිය ආධිපත්‍ය පතුරුවන අයෙකි. තම සැමියාවද කටින් බයකර ගනී. විළිබිය නැතිකම මෙවන් ස්ත්‍රීන්ගෙන් බහුලව දැකිය හැක.

පැළ ඉනි සිටෙව්වා මෙන් දත් අතර හිඩැස් ඇති ස්ත්‍රිය
අනාචාරයේ හැසිරෙන කාමාධික ස්ත්‍රියකි. කුඩා කලම විළිබිය නැතිකර ගන්නා මොවුන් නිදහස උපරිම වශයෙන් බුක්ති විඳියි. මෙවන් ස්ත්‍රීන්ගේ විවාහය අනිවාර්යයෙන් අසාර්ථකය. සැමියා හැර ගොස් හුදකලාවේ ජීවත්වීමට සිදුවේ. චර්යා රටාවේ ඇති නරක නිසා දෙමාපිය, නෑ හිතමිතුරන්ගේ ද දෝෂාරෝපණයට ලක් වේ.

උඩු ඇන්දේ දත් පළල්ව පිහිටීම
මෙවන් ස්ත්‍රීන් බුද්ධියෙන් අඩුය. මොවුනට ආර්ථික අපහසුතා ජීවිතය පුරාවටම ඇති වේ. සැමියාගෙන් ආදරය, කරුණාව නොලබන මොවුන්ගේ නිවස අඩදබරවලින් පිරි එකකි. තම මවට අගුණ ගෙනදෙන පිහිටීමකි.

උපතින්ම දත් කහපාට හෝ රන්වන් පාට ස්ත්‍රිය
මෙවන් ස්ත්‍රීන් මුළු ජීවිතේම නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණදෙන අය වේ. පොහොසත් තැනක උපත ලැබුව ද දිනෙන් දින දිළිඳු වේ.

දත් කෑලි සහිත ස්ත්‍රිය
මෙවන් ස්ත්‍රීන්ද බොහෝ අග හිඟකම් ඇති අයවේ. දිළිඳුකමේ උපරිමයටම යන අයවේ.

දත් 32කම මනාව පිහිටි ස්ත්‍රිය
ජීවිතය වාසනාවෙන් පිරි එකකි. යස ඉසුරු හිමිවන, පෙර පිං පලදෙන මුළු ජීවිතේම සතුටින් කල් ගෙවන ස්ත්‍රියකි.

දත් තොල්වලින් ඉවතට පැමිණි ස්ත්‍රිය (බොල්ලෑ ස්ත්‍රිය)
මෙවන් ස්ත්‍රීන්ගේ ජීවිතය කරදරවලින් පිරි එකකි. මොවුන්ට තම දරුවන්ගෙන් ද සහනයක් නැත. දරුවන්ද කරදරකාරී අයවේ.

ඉදිරි පෙළ දත් අතර මැද හිඩස ඇති ස්ත්‍රිය
බොහෝ විට දුක් කම්කටොලුවලට මුහුණ දෙයි. සැමියා පල නොදෙන පිහිටීමකි. සැමියාට ද බොහෝ කරදර බාධක ඇතිවේ. මොවුන්ගේ විවාහය අසාර්ථකය. නමුත් මොවුන් ආර්ථිකව දියුණු වේ.

යටි ඇන්දේ දත් වැඩියෙන් පිහිටි ස්ත්‍රිය
මවට ඉතා අපලය. මෙවන් ස්ත්‍රීන්ගේ මව මියගොස් හෝ හැර ගොස්ය. යම් හෙයකින් මව සිටිය ද ඇයට සලකන්නේ පිට දරුවෙකුට මෙනි.

යටි ඇන්දේ දත් අක්‍රමවත්ව පිහිටි ස්ත්‍රිය
කිසිදින විශ්වාස කළ නොහැක. දෙබිඩි චරිතයකි. මෙවන් ස්ත්‍රීන් බොහෝ විට වැන්දඹුවන් වේ. නොඑසේ නම් සැමියා හැර ගොස්ය.

දත් ඉතා තුනීවී පිහිටි ස්ත්‍රිය
මෙවන් ස්ත්‍රීන් ඉතා හිතුවක්කාර ගති පෙන්නුම් කරයි. මොවුන් ඉතා මුරණ්ඩුය. ජීවිතය අවුල් කර ගනී.

නිදන විට දත් කූරු ගාන ස්ත්‍රිය
සමාජයෙන් නින්දා අපහාස ලබන අතර තම සැමියාට නොසලකයි. වධහිංසා පමුණුවයි. අවස්ථාවක් ලද හොත් සැමියා නැසීමට වුවද පසුබට නොවේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top