phone එක පිරිසිදු නොකළොත් වෙන දේ දන්නවා ද?
Monday, 23 June 2025 - 10:36 | Views - 349
 
දුරකථනය සහ දුරකථනයේ කවරය පිරිසිඳු නොකර දිගු කාලයක් භාවිතා කරන විට දුරකථනයේ කවරය මත බැක්ටීරියා සහ විෂබීජ එකතු වෙනවා. මේවා ඔබේ සෞඛ්‍යයට හානි කරනවා. අපිරිසිඳු දුරකථනයක් භාවිතා කිරීම නිසා සමේ ගැටලු, ශ්වසන ආබාධ, අසාත්මිකතා, අක්ෂි ආසාදන වැනි බරපතල සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්.
 
සබන් සහ ජලය යොදා දුරකතනයේ කවරය පිරිසිදු කරන්න. ඔබගේ දුරකථනය කේස් එකෙන් ඉවතට ගන්න. පිරිසිඳුකාරක දියර වර්ග ඔබේ දුරකථනයට හානි කරන්න පුලුවන්. මේ නිසා කිසිවිටෙක ඔබේ දුරකථනය තියෙද්දීම කේස් එක පවිත්‍ර කරන්න යන්න එපා. ඔබේ දුරකථනය ජලය විසි නොවන ස්ථානයක තබන්න. දුරකථනයේ කේස් එක හදලා තියෙන ද්‍රව්‍යය පරීක්ෂා කරන්න. ප්ලාස්ටික් සහ සිලිකන් යන ද්‍රව්‍ය වලින් තමයි සාමාන්‍යයෙන් කේස් හදන්නේ. එය වෙන් කල හැකි නම් වෙන් කර ගන්න.
 
මඳ උණුසුම් ජලය කෝප්ප එකකට සබන් දියර බිඳු 1ක් මිශ්‍ර කරන්න. පිඟන් සෝදන දියර හොඳම විකල්පය වේ. නැති නම් රෙදි සෝදන ඩිටර්ජන්ට් වුවද භාවිතා කල හැකිය. සබන් දියර බිංදු 1 කට වඩා භාවිතා නොකරන්න. සබන් ගතිය වැඩි වීමෙන් කේස් එකට හානි වෙන්න පුලුවන්. 
 
කේස් එක සකසා ඇත්තේ ලෙදර් වලින් නම් ළදරු සබන් දියර හෝ ශැම්පු භාවිතා කරන්න. (ඔබ සතුව ළදරු සබන් නැති නම් ලෙදර් කේස් පවිත්‍ර කිරීම සඳහා ජලය සහ විනාකිරි සමාන ප්‍රමාණ වලින් ගෙන පවිත්‍ර කරන්නත් පුලුවන්)
 
කේස් එක ලී වලින් සාදා ඇත්නම්, සබන් භාවිතා කිරීමෙන් වළකින්න. දැව කේස් එකක් පිරිසිඳු කර ගැනීමට මයික්‍රෝ ෆයිබර් රෙද්දක් භාවිතා කරමින් අතුල්ලා ගැනීම පමණක් ප්‍රමාණවත් වේ.
 
කිසි විටෙක ජනෙල් පිරිසිදුකාරක, ඇමෝනියා හෝ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අඩංගු පිරිසිදුකාරක භාවිතා කිරීමෙන් වලකින්න.
 
සබන් සහ වතුර හැන්දකින් හොඳින් කලවම් කරන්න. 
 
ස්පොන්ජියක්, රෙදි කඩක් හෝ මෘදු කෙඳි සහිත දත් බුරුසුවක් සබන් ද්‍රාවණයේ ගිල්වා ගන්න. ප්ලාස්ටික්, සිලිකන් හෝ රබර් කේස් එකක් පිරිසිඳු කිරීමේදී  දත් බුරුසුවක් භාවිතා කරන්නත් පුලුවන්. ප්‍රමාණවත් ලෙස සබන් දියරයෙන් තෙත් වූ විට  කේස් එක මෘදුව අතුල්ලමින් පිරිසිඳු කර ගන්න.
 
කේස් එකේ ළඟා වීමට අපහසු සියලු තැන් අතුල්ලා ගන්න. කේස් එකේ පිටත සහ ඇතුළත පිරිසිදු කර ගන්න. දැඩි ලෙස ඇතිල්ලීමෙන් වළකින්න. තීන්ත හෝ ඩයි ආලේප කර තිබේ නම් තදින් ඇතිල්ලීමෙන් ඒවා ඉවත් වී යා හැකිය.
 
ඉන් අනතුරුව පිරිසිඳු ජලයෙන් සෝදා මෘදු රෙද්දකින් පිසදා ගන්න. සියලුම සබන් ඉවත් වූ බව සහතික කර ගන්න. කේස් එක සීරීමට ලක් නොවන පරිදි පිසදා ගැනීම සඳහා මෘදු, මයික්රොෆයිබර් රෙදි භාවිතා කරන්න. 
 
උදා: ඇස් කණ්නාඩි පිරිසිදු කිරීමට භාවිතා කරන රෙදි 
 
ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වල තිර පිස දමන රෙදි
 
සම්පූර්ණයෙන්ම වියළී යන තෙක් කේස් එක නැවත ඔබේ දුරකථනයට දමන්න එපා. සම්පූර්ණයෙන් වියළී යන්නට පැයක් හෝ ඊට වැඩි කාලයක් ගත විය හැක. කේස් එක දුටු විට වියළි ගතියක් පෙනුනත් ඔබේ දුරකථනයට හානි කළ හැකි ජලය තවමත් එහි තියෙන්න පුලුවන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top