ඉතිහාසය වෙනස් කරන්නට සැරසෙන ඉන්දියාව..
Saturday, 21 June 2025 - 17:24 | Views - 312
මේ වගේ නිමැවුම් ගැන අපි නිතර දෙවේලේ අසා තිබෙනවා.. ඒත් මේ ඉන්දියාව සැරසෙන්නේ වෙනස්ම වැඩකට කිව්වොත් හරි.. 

මෝටර් රථ අතර මේ වෙනකොට අතිශ්‍යය ජනප්‍රිය විදුලි මෝටර් රථ ගැනයි මේ කතාව..

ලොව 4 වැනි විශාලතම විදුලි මෝටර් රථ නිෂ්පාදකයා බවට ඉන්දියාව පත්වීමට නියමිත බව වාර්තා වනවා..

2030 වසර ඔවුන්ගේ එම ඉලක්කය බවයි ගෝලීය ආර්ථික හා ප්‍රතිපත්ති ගැටළු පිළිබඳ ස්වාධීන පර්යේෂණ සහ විශ්ලේෂණ සිදුකරන බුද්ධි මණ්ඩපයක් වන රෝඩියම් සමූහය විසින් අනාවරණය කර ඇත්තේ..

ඉදිරි වසර 5 තුළ ඉන්දියාවේ විදුලි මෝටර් රථ සඳහා එරට ඉල්ලු‍ම ඒකක මිලියන 1.1 ත් 2.1ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ..

එමෙන්ම, 2030 වසර වනවිට ඉන්දීය විදුලි මෝටර් රථ නිෂ්පාදන ධාරිතාව ඒකක මිලියන 2.5ක් දක්වා දස ගුණයකින් වැඩි වන බවයි විශ්ලේෂක කණ්ඩායම පවසන්නේ..

ලොව විදුලි මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමුඛයා චීනය වන අතර, ඔවුන්ට පසුපසින් සිටින්නේ යුරෝපය සහ ඇමරිකාවයි..

එසේම, ඉන්දියාවට අපනයන වෙළෙඳපොළ ආක්‍රමණය කිරීමට නම් පිරිවැය අඩු කර දැඩි තරගයක් දීමට සිදුවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ..
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top