මානසික සෞඛ්‍යට එතරම් හොඳ නැති ඇබ්බැහිවීම්..
Saturday, 21 June 2025 - 9:20 | Views - 181
අන්තර්ජාලය හරහා මිලදී ගැනීම් සිදුකිරීම
 
වට්ටම් දුටු විට අන්තර්ජාලයෙන් බඩු මිලදී ගැනීමට ඇබ්බැහි වීම නිසා තාවකාලික සතුටක් ලැබෙනවා. ආතතිය අඩුවන බවක් දැනෙනවා. නමුත් පසු කාලීනව වරදකාරී හැඟීම් ඇති වෙනවා. මූල්‍ය ආතතිය ඇතිවීමත් සමග මානසික ආතතියද ඉහළ යනවා. මිලදී ගැනීම් සමග ක්ෂණික තෘප්තියක් ඇති වුවත් දිගු කාලීනව අතෘප්තියක් ඇති වෙනවා.
 
සමාජ මාධ්‍ය
 
 සමාජ මාධ්‍යවලට බොහෝ පුද්ගලයන් ක්ෂණිකව ඇබ්බැහි වෙනවා. එයට හේතුව වෙන්නේ එයින් ලැබෙන තෘප්තියයි. සමාජ මාධ්‍යය ගැන ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම කැමැත්තක් ඇතිවෙනවා. එය මනසට අහිතකර ලෙස බලපානවා. ආත්ම අභිමානය අඩු කරන්නත්, මොළය අධික ලෙස උත්තේජනය කර අවධානය යොමු කිරීමේ හැකියාව නැතිකර දමන්නත් මෙය සමත් වෙනවා. සමාජ හරහා මාධ්‍ය හරහා එන තොරතුරු  දකින්නට නොලැබේවි යන බිය නිසා වරින් වර එය පරීක්ෂා කරන්නට පෙළඹෙනවා. එමෙන්ම තනිකම වර්ධනය වෙනවා. සැබෑ ලෝකයේ සමාජ සම්බන්ධතා අඩු වෙන්න මෙය හේතු වෙනවා.
 
ක්ෂණික ආහාර 
 
මෙම ආහාර වල ඇති අධික සීනි ලුණු සහ මේදය මොලයේ ඇතැම් කොටස් උත්තේජනය කරන්න සමත් වෙනවා. රුධිර සීනි මට්ටම ක්ෂණිකව ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස මනෝභාවය වෙනස්වීම, තෙහෙට්ටුව ඇතිවෙනවා.
 
වීඩියෝ නැරඹීම 
 
Youtube, Instagram සහ Facebook ආදියේ ඇති වීඩියෝ නැරඹීමට ඇබ්බැහි වීම වරින් වර සතුටු හෝමෝනය වන ඩොපමයින් නිකුත් කරන්න හේතු වෙනවා. මෙය නින්දට බාධා ඇති කරනවා. ඔබගේ මනෝභාවය අවුල් කර සංජානන ක්‍රියාකාරීත්වය නරක අතට හරවන්න සමත් වෙනවා. සැබෑ ජීවිතයේ ගැටලු නොදැනී යන ලෙස චිත්තවේගී හිරිවැටීමකට ලක්වෙනවා. වැඩ රාජකාරි කල්දැමීමට පෙළඹීම නිසා වරදකාරී හැඟීම් ඇතිවෙනවා.
 
Gaming
 
ක්‍රීඩාවල ඇති ගැටලුකාරී තත්ත්වයන් විසඳා ගැනීමට සටන් කරන අතරේ සැබෑ ජීවිතයේ ගැටළුවලින් පලායාමක් සිදුවෙනවා. සමාජයෙන් හුදකලා වීම, නින්ද දුර්වල වීම වැනි ගැටලු වලට මුහුණපාන්නට සිදුවෙනවා. ස්වයං වටිනාකම සහ අනන්‍යතාවයට බලපෑම් ඇති වෙනවා.
 
කැෆේන්
 
කැෆේන් වලට බොහෝ පුද්ගලයන් පහසුවෙන්ම ඇබ්බැහි වෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස අවදියෙන් සිටින කාලය වැඩි වෙනවා. එමෙන්ම කැෆේන් පානය කිරීම දින චර්යාවේ කොටසක් බවට පත්වෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස කාංසාව සහ නොසන්සුන් බව ඉහළ යනවා. ස්වභාවික ශක්තියෙන් වැඩ කිරීම වෙනුවට බාහිර උත්තේජනයන් මත විශ්වාසය තැබීමට ඔබ පෙළඹෙනවා.
 
අසභ්‍ය විඩියෝ නැරඹීම 
 
මේවා නැරඹීමේදී ඩොපමයින් නැමති සතුටු හෝමානය මුදා හැරෙනවා. නමුත් යථාර්ථවාදී නොවන අදහස් ඔබ තුළ ඇතිවෙනවා. සැබෑ ජීවිතයේ සබඳතා සහ චිත්තවේගීය සබඳතාවලට බාධා ඇතිවෙනවා. ඇතැම් විට වරදකාරී හැඟීම්, ලැජ්ජාව වැනි දෙයින් පීඩා විඳින්නට සිදුවෙනවා.
 
Vaping
 
මෙය මුලදී ආතතිය අඩු කරන නමුත් දිගු කාලීන කාංසාව වැඩි කරනවා. මෙයද ඇබ්බැහි වන සුළුයි. නින්ද සහ අවධානයට බාධා කරන අතර කාලයත් සමඟ මානසික අවපීඩන රෝග ලක්ෂණ ඇති කරවනවා.
 
රාජකාරිය 
 
සමහරු ඇබ්බැහි වෙන්නේ තමන්ගේ රාජකාරියටයි. එය තමන්ට වටිනාකමක් ලබා දෙන බව ඔවුන් විශ්වාස කරනවා. නමුත් ඔවුන්ගේ හැසිරීම් රටාව දැඩිවීමට මෙය හේතු වෙනවා. ආදරණීයයන්ගෙන් විසන්ධිවන නිසා පසුකාලීනව කාංසාව සහ මානසික ආතතිය ඇතිවෙනවා. බොහෝවිට මිනිසුන් වැඩට ඇබ්බැහි වන්නේ තමන් තුළ ඇති චිත්තවේගීය අපහසුතාවයන් මගහරවා ගැනීමටයි. එයින් සිදුවන්නේ ආතතිය තවත් ඉහළ යාමයි. වැඩ කිරීමෙන් පසුව ජයග්‍රහණයක් ලැබුණොත් පමණක් ස්වයං වටිනාකම පිළිබඳ හැඟීමක් ඇතිවෙනවා. නමුත් ජයග්‍රහණයක් ලැබීමට අපොහොසත් වුවහොත් දැඩි ලෙස කඩා වැටෙනවා. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top