එයාර් ඉන්දියා ගුවන් යානයේ කළු පෙට්ටිය ගැන විශේෂ හෙළිදරව්වක්..
Saturday, 21 June 2025 - 9:07 | Views - 373
 
ජුනි 12 වන දින අහමදාබාද් සිට ගුවන් ගත වී තත්පර 36 කට පසු කඩා වැටුණු එයාර් ඉන්දියා ගුවන් යානයේ AI-171 සුන්බුන්වලින් ලබාගත් කළු පෙට්ටි ඒකකවලට හානි සිදුවී ඇති බවට වාර්තා වෙනවා..
 
විනාශ වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ එම කළු පෙට්ටිය අනතුරෙන් පැය 28 කට පසු සොයාගෙන තිබුණා.. ගුවන් සේවා ආරංචි මාර්ගවලට අනුව, කළු පෙට්ටිවලින් එකකට අනෙකට වඩා දෘශ්‍යමාන ලෙස හානි වී ඇති අතර, එසේ වී ඇත්තේ අනතුර නිසා හෝ පසුව වැටීමක් සිදුවීම නිසා විය හැකි බවයි වාර්තා වන්නේ.
 
"කළු පෙට්ටි" ලෙස සාමූහිකව හඳුන්වන ඩිජිටල් පියාසැරි දත්ත රෙකෝඩරය (DFDR) සහ කොක්පිට් හඬ රෙකෝඩරය (CVR) යන අංග දෙකකි.. දැනට ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශයේ (AAIB) අධීක්ෂණය යටතේ ආරක්ෂිත භාරයේ පවතින අතර, කළු පෙට්ටිවලින් එකක පිටත මතුපිටට හානි සිදුවී ඇත්තේ එය වැටීමක ප්‍රතිඵලයක් ලෙස බවටද බොහෝ දෙනා සැක කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. 
 
කෙසේ වෙතත්, මේ පිළිබඳ පර්‍යේශණ සඳහා එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරියට හෝ සිංගප්පූරුවට යැවිය යුතු බවද සඳහන් වනවා. හානි නොවූ ඒකකයෙන් දත්ත ඉන්දියාව තුළ විමර්ශනය කෙරෙනවාද නැද්ද යන්න පිළිබඳව ඔවුන් තවමත් අවසන් තීරණයක් ගෙන නෑ. 
 
එසේම එම විමර්ශනයට ධාවන පථයේ මතුපිටින් සුන්බුන් සාම්පල සහ ද්‍රව්‍ය සාම්පල ද ඇතුළත් වන බවද වැඩිදුරටත් සඳහන් වනවා. 
 
 
විදෙස් මාධ්‍ය ඇසුරෙන්..  
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top