වසර 20කට පසු රු.10 මුද්දර බද්ද රු.20 දක්වා වැඩි කරන්න යෝජනාවක්.. (Video)
Friday, 20 June 2025 - 13:27 | Views - 281
2006 අංක 12 දරණ මුද්දර ගාස්තු විශේෂ විධිවිධාන පනත 2006 වසරේ සිට අද දක්වා සංශෝධනය කර නොමැති බැවින් එය සංශෝධනය කිරීමට යෝජනා කර ඇති බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පැවසුවා. 
 
වසර 20කට ආසන්න කාලයක් සංශෝධනය කර නොමැති මෙම පනත මෙසේ සංශෝධනය කිරීමට යෝජනා කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 
 
ඒ අනුව, රුපියල් 1000කට රුපියල් 10ක් ලෙස පැවති මුද්දර බද්ද රුපියල් 20 දක්වා වැඩි කිරීමටයි යෝජනා කර ඇත්තේ. 
 
මෙම සංශෝධන යෝජනාව පිළිබඳව අමාත්‍යවරයා පවසා සිටියේ අද (20) පාර්ලිමේන්තුව අමතමින්. 
 
ඒ අනුව, වසර 20කට පසු සිදු කිරීමට යෝජනා කර ඇති සංශෝධන ගැන ඔහු මෙසේ පැවසුවා,
 
''ඕනෑම දේපලකට දැනට අය කරන බද්ද විශේෂයෙන්ම කල් බදු මත මුද්දර බදු අය කරනු ලබන රුපියල් 1000කට රුපියල් 10ක් වැනි මුදලක් තමයි දැනට ගාස්තුව ලෙස අය කරන්නේ. එම ගාස්තුව රුපියල් 20ක් දක්වා වැඩි කිරීමට සංශෝධනය කර තිබෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් රජයට අවශ්‍ය අදායම් උපයා ගැනීම සඳහා පුරවැසියාට බර වැඩි කරන්න ද මේ වගේ දේවල් කරන්නේ කියලා. එහෙම අරමුණකින් නෙවෙයි, මේ අන පනත් යාවත්කාලීන කිරීම සඳහා අවශ්‍ය පියවරක් ලෙස තමයි වසර 20කට වඩා වැඩි ඒ කියන්නේ 2006 තියෙන අන්තිම සංශෝධනයටත් කළින් ඉඳලා තමයි රුපියල් 10 බද්ද ක්‍රියාත්මක වෙන්නේ. 
 
විශේෂ කාරණය තමයි මේ මුද්දර බද්ද අයකර ගන්නේ නිශ්චල දේපල සඳහා පමණයි. මේ ලබා ගන්න බදු මුදල මධ්‍යම ආණ්ඩුව වෙනුවට පළාත් සභාවලට තමයි මේ මුදල් භාර දෙන්නේ. ඒ තුළින් පළාත් සභාවල අවශ්‍ය වැඩ කටයුතු සාර්ථක ලෙස කර ගැනීමට අවශ්‍ය දායකත්වය ලැබෙනවා වගේම මධ්‍යම ආණ්ඩුවට ඒ වෙනුවෙන් යන වැය බර අඩු කර ගනිමටත් මේ තුළින් අවස්ථාව ලැබෙනවා.'' 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top