ඊශ්‍රායල-ඉරාන ගැටුමේදී අමෙරිකාව ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳ ජනපති ට්‍රම්ප්ගේ තීරණය සති දෙකක් ඇතුළත..
ඊශ්‍රායල-ඉරාන යුද්ධයට එක්සත් ජනපදය සම්බන්ධ වන්නේද යන්න ඉදිරි සති දෙක තුළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කරනු ඇති බව ධවල මන්දිරය සඳහන් කරනවා.
ජනපති ට්‍රම්ප්ගේ පණිවිඩයක් උපුටා දක්වමින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් සඳහන් කරන්නේ, නුදුරු අනාගතයේ දී ඉරානය සමග සිදුවිය හැකි හෝ නොවිය හැකි සාකච්ඡා සඳහා සැලකිය යුතු අවස්ථාවක් පවතින බව මත පදනම්ව, ඉදිරි සති දෙක තුළ යා යුතුද නැද්ද යන්න තීරණය කරන බවයි.