"ලෙවෝටෝබි'' සක්‍රිය වෙයි..
දකුණු-මධ්‍යම ඉන්දුනීසියාවේ පිහිටි Lewotobi Laki Laki ගිනිකන්ද මේ වනවිට සක්‍රිය වී තිබෙනවා.
විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ ගිනිකන්දෙන් පිටවන අළු සහිත දුමාරය සැතපුම් 6කට (කිලෝමීටර් 11) වඩා ඉහළ අහසේ විසිරී තිබෙන බවටයි.
මේ හේතුවෙන් තැඹිලි පාට හතු හැඩැති වලාකුළක් කිලෝමීටර් 150කට වඩා දුරකටත් ඉතා පැහැදිව දර්ශනය වන බවත් විදෙස් වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන්.
ලෙවෝටෝබි ගිනි කන්ද ලාකි-ලාකි හා පෙරෙම්පුවාන් ලෙස නිවුන් කඳු මුදුන් දෙකකින් සමන්වත වන අතර, එහි ලාකි-ලාකි කොටස මෙලෙස සක්රිව වී තිබේ.
මෙම ගිනිකඳු පිපිරීමක් සමග සංචාරක දූපතක් වන බාලි වෙත සහ ඉන් පිටවන ගුවන් ගමන් රැසක් අවලංගු කර ඇති බව සදහන්.