ඔබත් බැඳීම් නිසා මානසික පීඩාවෙන් ද?
Thursday, 19 June 2025 - 12:07 | Views - 288
චිත්තවේගීය බැඳීම් මානව සබඳතාවල සුන්දර පැතිකඩක්. නමුත් එයින් අවාසිදායක ප්‍රතිඵලද ලැබෙනවා. ඔබ යම් පුද්ගලයෙකුට පමණට වඩා චිත්තවේගීයව බැඳී සිටින්නේනම් යම් රිදවීමක්, බලාපොරොත්තු සුන්වීමක් පහසුවෙන්ම ඇති විය හැකියි. 
 
 සම්බන්ධතාවයේ ස්වභාවය වෙනස් වීම හෝ සම්බන්ධතාවය නිම වීම වැනි ගැටලු ඔබව රිදවන්න හේතු වෙනවා. දැඩි චිත්තවේගීය බැඳීම් පවත්වා ගැනීමෙන් ඒවා ඔබගේ තීරණ ගැනීමේ හැකියාවට ද බලපෑම් එල්ල කරනවා. ගැටලුවකදී වඩාත් ගැලපෙන තීරණ වෙනුවට හැඟීම් මත පදනම් වී තීරණ ගැනීමට ඔබ පෙළඹෙනවා. චිත්තවේගීය බැඳීම් පවත්වා ගැනීම නිසා අන් අය මත තමන්ගේ සතුට තීරණය කරන්න බොහෝ දෙනෙක් පෙළඹෙනවා. 
 
 මෙය පුද්ගලික වර්ධනයට සහ ආත්ම් විශ්වාසයට බාධා එල්ල කරනවා. නොගැලපෙන පුද්ගලයන් සමග චිත්තවේගීය බැඳීම් පවත්වා ගැනීමෙන් විවිධ දුක් වේදනා ඇති වන අතර ජීවිතයේ ඉදිරියට යාම වැළකෙනවා. පමණට වඩා අන් පුද්ගලයන්ට චිත්තවේගීයව සමීප වීම අනවශ්‍ය ආතතියක් සහ කාංසාවක් ඇති කිරීමට හේතු වෙනවා. විශේෂයෙන්ම සම්බන්ධතාවය තුළ අවිනිශ්චිතතාවයක් සහ අනාරක්ෂිතභාවයක් තිබෙනවා නම් මෙම තත්ත්වය තවත් වර්ධනය වෙනවා.
 
 චිත්තවේගීය බැඳීම් පවත්වා ගැනීමෙන් සෞඛ්‍ය සම්පන්න සීමාවන් අහිමි වෙනවා. ආක්‍රමණශීලී හැසිරීම් ඇති වීම, සබඳතාව තුළ ගෞරවය සහ ස්වාධීනත්වය පවත්වා ගැනීමට නොහැකි වීම වැනි ගැටලු පැන නගිනවා. අධික ලෙස බැඳුන චිත්තවේගීය බැඳීම්වල වෙනසක් ඇති වූ විට මානසික සෞඛ්‍ය ගැටලු ඇති වෙනවා. මේ නිසා මුල සිටම අධික චිත්තවේගීය බැඳීම් ඇති කර ගැනීම වළක්වා ගැනීම නුවණට හුරු වනු ඇත.
 
 මේ සඳහා මුල සිටම පුහුණු කළ යුතු උපක්‍රම කිහිපයක් තිබෙනවා.
 
 පුද්ගලයකු සමග බැඳීමක් ඇති කරගන්නා විට යම්කිසි සීමාවක් සකසා ගත යුතුය. චිත්තවේගීය දුරස්ථ මට්ටමක් පවත්වා ගැනීම සඳහා අන් අය සමග ඔබගේ සීමාවන් පැහැදිලිව සන්නිවේදනය කළ යුතුය. ඔබ ඔවුන් සමඟ බෙදා ගන්නා පුද්ගලික තොරතුරු ප්‍රමාණය සීමා කිරීම නුවණට හුරුය. 
 
ඔබගේ  ජීවිතයේ මෙතෙක් කල් පැවති ඉලක්ක සහ ප්‍රමුඛතා අමතක නොකළ යුතුය. බොහෝ දෙනෙක් බැඳීම් නිසා පුද්ගලික සහ වෘත්තීය ඉලක්ක මඟ හැර ගැනීමට පෙලඹෙනවා. මේ නිසා බැඳීම් සහ ඔබගේ ඉලක්ක වෙන් වෙන්ව තබා ගැනීමට උත්සාහ කළ යුතුය. ඔබගේ සිතුවිලි සහ හැඟීම් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. 
 
බැඳීම්වල ස්වභාවය පමණට වඩා වර්ධනය වන බව දැනුණු විටම ඒ බව හඳුනාගත යුතුය.  ඉන් අනතුරුව ඔබගේ හැඟීම් කළමනාකරණය කර ගැනීමටත්, අවම කර ගැනීමටත් පියවර ගත යුතුය. ඔබගේ ස්වාධීනත්වය ආරක්ෂා කරගත යුතුය. ඔබටම වෙන් වූ අවශ්‍යතා, විනෝදාංශ සහ ඉලක්ක පවත්වාගත යුතුය. ඒවා අනුගමනය කරමින් ඔබගේ ස්වාධීනත්වය වර්ධනය කරගත යුතුය. 
 
තමන් ගැන විශ්වාසය පවත්වා ගැනීමෙන් අන් අය මත පමණට වඩා රැඳී පවත්වා ගැනීම අඩුකර ගත හැකි වනු ඇත. 
 
සමීප සබඳතා සීමා කිරීමද නුවණට හුරුය. එහි අදහස වන්නේ සමීප සම්බන්ධතා සම්පූර්ණයෙන්ම මඟ හරින්නේ නැතිව චිත්තවේගීයව ලං වීමේ ප්‍රමාණය අඩු කළ යුතු බවය.
 
අතීතය ගැන සිතීම හෝ අනාගතය ගැන කරදර වීම චිත්තවේගීය බැඳීම් වැඩි කිරීමට හේතු වෙනවා. මේ නිසා ජීවත් වීමේදී නිතරම වර්තමාන මොහොත කෙරෙහි අවධානය යොමු කිරීමට පියවර ගත යුතුය.
ඔබ මිනිසුන්ට පමණට වඩා චිත්තවේගීයව බැඳෙන්නේ නම් මනෝ උපදේශකයෙකුගෙන් උපකාර ලබා ගැනීම සුදුසුය. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top