හිටපු ඇමති කෙහෙළියගේ අනෙක් දියණියන් දෙදෙනා සහ බෑණාත් අල්ලස් කොමිසමට.. (UPDATE)
UPDATE...
හිටපු අමාත්‍ය කෙහෙළියගේ දියණියන් දෙදෙනා සහ බෑණා අත්අඩංගුවට..
මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ අනෙක් දියණියන් දෙදෙනා සහ ඉන් එක් අයෙකුගේ සැමියා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා අද එම කොමිසමට පැමිණි අවස්ථාවේදීයි.
අදාළ චෝදනාව යටතේ රුපියල් දහතුන් කෝටී හතළිස් ලක්ෂ අනූහත් දහස් හත්සිය තිස් එකයි ශත තිස් නමයක වටිනාකමකින් යුත් වත්කම්, රුපියල් මිලියන 40 ක වටිනාකමකින් යුතු මහල් නිවාස සහ රුපියල් ලක්ෂ 205 ක වටිනාකමකින් යුත් මෝටර් රථයක් සම්බන්ධයෙන් මෙහිදී විමර්ශන සිදුකෙරෙනවා.
මෙම විමර්ශනයට අදාළව මේ වන විටත් ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ආයෝජන සැලසුම් 40 කට ආසන්න ප්‍රමාණයක් අත්හිටුවා ඇති බවයි අල්ලස් කොමිසම නිවේදනය කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 03 දෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මීට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිද සහ තවත් දියණියක ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ අතර ඇප හිමිවුණත් අදාළ කොන්දේසි සපුරාලීමට නොහැකිවීමෙන් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
කෙසේ වෙතත්, ඔවුන් අද දහවල් ඇප කොන්දේසි සපුරා පිටව ගොස් තිබෙනවා.
----------------------------------------
UPDATE...
ඇප කොන්දේසි සපුරාලීම නිසා කෙහෙළිය, ඔහුගේ බිරිඳ සහ දියණිය මුදා හැරේ..
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් අනතුරුව ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය අද(19) දින ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඒ අනුව, බන්ධනාගාරගත කෙරුණු කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් ඇප මත මුදා හැරීමටද නියම වුණා.
------------------------------------------
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකෙරෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ අනෙක් දියණියන් දෙදෙනා සහ එක් දියණියකගේ ස්වාමිපුරුෂයෙකු ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණ තිබෙනවා.
එමෙන්ම ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා වීහේන සහ දියණියක් වන චන්දුලා රමලි රඹුක්වැල්ල ඊයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගැනුණා.
කෙසේ වෙතත්, ඇප හිමිවුණද , මොවුන්ට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් බන්ධනාගාර ගතකෙරුණා.