හැත්තෑවේ පෙම්වතියගේ රන්බඩු කොල්ලකෑ පෙම්වතා මාට්ටු
Wednesday, 18 June 2025 - 10:03 | Views - 170
හැත්තෑ හැවිරිදි එක් දරු මවක සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගිය 30 හැවිරිදි පෙම්වතකු ඇය සතු රු.160,000ක් වටිනා ස්වර්ණාභරණ කොල්ලකා පලාගොස් තිබෙනවා. 
 
රන් පෙන්ඩනයක් සහිත මාලයක් සහ අත් පළඳනාවක් මෙසේ කොල්ලකා ඇති බවයි පොලිසිය පැවසුවේ. 
 
මේ සඳහා ආධාර අනුබල දුන් 24 හැවිරිදි තරුණයෙක්ද සමග සැකකරු අත්අඩංගුවට ගත් බවයි වාහල්කඩ පොලිසිය පවසන්නේ. 
 
පෙම්වතාගේ ඇරයුමක් මත මේ කාන්තාව වාහල්කඩ වැව් බැම්ම අසළට පැමිණි අවස්ථාවේ කොල්ලය සිදුකර තිබෙනවා. 
 
මෙම සැකකාර පෙම්වතා සහ මිතුරා වාහල්කඩ ප්‍රදේශයේ මසුන් අල්ලා ජීවත් වන අය බවයි පැවසෙන්නේ. 
 
70 හැවිරිදි කාන්තාව වෙන්නප්පුව ප්‍රදේශයේ කාන්තාවක් වන අතර කොල්ලය සිදුකළ අවස්ථාවේ පොර බැදීම නිසා ඇය තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. 
 
මෙම කාන්තාව සිය සැමියා සහ දරුවා ඇත්හැර විවිධ ප්‍රදේශවල රැකියා කරමින් සිටින බවත් මේ වනවිට නිවෙසක වැඩිහිටි අයෙක් බලාගනිමින් සිටින බවයි පැවසෙන්නේ.  
 
ඇය ගලේවෙල ප්‍රදේශයේ නිවෙසක සේවය කරන අතරතුර වසරකට පමණ පෙර ජංගම දුරකථනයට මග හැරුණු ඇමතුමක් ලැබී තිබෙනවා. 
 
පසුව ඊට නැවත ලබාගත් ඇමතුමක් මත දෙදෙනා හඳුනාගෙන අවස්ථා කිහිපයකදී ලැගුම්හල්වලට ගොස් තිබෙන බවත් අනාවරණය වී තිබෙන බවයි පොලිසිය පවසන්නේ. 
 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top