නගරාධිපති තෝරන්න රහස් ඡන්දයක් ද? මංගල රැස්වීම උණුසුම්..
UPDATE... 11.20AM
රහස් ඡන්දය අවසන් - ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි
කොළඹ නගර සභාවේ පුරපති සටනේ රහස් ඡන්ද විමසීම නිමාවට පත්වුණා.
ඒ අනුව මේ මොහොතේ ඡන්ද ගණන් කිරීම ආරම්භ වුණා.
---------------------------
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම මේ වනවිට (16) ආරම්භ වී තිබෙනවා.
ඒ බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්රධානත්වයෙන්.
නගරාධිපති තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් අනුව සිදුකරන්නේ ද? නැතිනම් විවෘත ඡන්ද විමසීමක් පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට සභාවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
මෙහිදී සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය විසින් විවෘත ඡන්දයක් ඉල්ලා සිටිනවා.