එයාර් ඉන්දියා ගුවන් අනතුරෙන් දිවි රැකගන්නට වරම් නොලැබූ රතික් ජෝෂිගේ කැදැල්ල..
Friday, 13 June 2025 - 8:09 | Views - 301
එයාර් ඉන්දියා ගුවන් අනතුරෙන් දිවි රැකගන්නට වරම් නොලැබූ රතික් ජෝෂිගේ කැදැල්ල..  
 
 
ඉන්දියාවේ අහමදාබාද් හිදී සිදු වූ ගුවන් අනතුර ලොව සිදු වූ තවත් බිහිසුණුම ගුවන් අනතුරක් ලෙස කදුළු මතකයක් ලෝක ඉතිහාසයට වී තිබෙනවා.
 
ඊයේ (12) සිදු වූ මෙම ඛේදවාචකයෙන් පසු එහි ගමන්ගත් ඇතැම් මගීන්ගේ අවසන් මතක සටහන් මේ වනවිට අනාවරණය වෙමින් තිබෙනවා. 
 
එලෙස අනාවරණය වූ තොරතුරු අතර රතික් ජෝෂිගේ පවුලට අත්වූ ඉරණම මේ වනවිට ලොව වඩාත් කම්පාවන කරුණක් වී ඇති අතර, මෘදුකාංග ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වන ආචාර්ය ජෝෂි, වසර 6ක් පුරා ජීවත් වී ඇත්තේ ලන්ඩනයේ යි. 
 
කෙසේ වෙතත්,  ඔහු වසර 6ක කැපවීම මුදුන්පමුණුවා ගෙන අවසානයේ සිය සෙනෙහෙබර පවුල ලන්ඩනයට රැගෙන යාමට අවශ්‍ය මගවිවරගෙන ඊයේ මෙම ගුවන් යානයට ගොඩ වී තිබෙනවා. 
 
ඉන්දියාවේ ගෞරවාන්විත වෛද්‍යවරියක වූ ඔහුගේ බිරිඳ මෙම ගමන වෙනුවෙන් ඇගේ රැකියාවටද සමු දී තිබෙන බවටද සඳහන් වී තිබෙනවා. 
 
ඇය උදයිපූර් හි පැසිෆික් රෝහලේ වෛද්‍යවරියක ලෙස කටයුතු කර තිබූ අතර, දින දෙකකට පෙර සිය රැකියාවෙන් ඉල්ලා අස්වී තිබෙනවා. 
 
ඔවුන්ගේ දරු තිදෙනාගෙන් පිරිමි දරුවන් වයස අවුරුදු පහක නිවුන් දරුවන් වන අතර, දියණිය 8 හැවිරිදි වියේ පසු වූවා. 
 
නව ජීවිතය වෙනුවෙන් සියලු බලාපොරොත්තු පොදිබැඳන් ගුවන් යානයට ගොඩ වූ ජෝෂි යුවළ, දරු තිදෙනා සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමටද අමතක කර තිබුණේ නෑ.. 
 
කෙසේ නමුත්, එය ඔවුන් ගන්නා අවසන් සෙල්ෆිය වනු ඇතැයි සිහිනෙකින් හෝ හිතන්න නැතුව ඇති. 
 
එක් පුද්ගලයෙකු හැරෙන්න යානයේ සිටි මගීන් 241කට මෙම ගුවන් අනතුරෙන් මරු කැඳවූ අතර, එහි ජෝෂි පවුලේ සාමාජිකයන් පස් දෙනාද වෙයි.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top