'' අනියත බියක් එපා '' කොරෝනා ගැන විශේෂ දැනුම්දීමක්..
ශ්‍රි ලංකාව තුළ මේ වනවිට කොවිඩි මරණ දෙකක් වාර්තා වී ඇති අතර අතර එම දෙදෙනාම සංකූලතාවලින් පෙළුණු රෝගීන් බව වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය, මහනුවර ජාතික රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර පවසනවා.
ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ ඊයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීයි.
කොවිඩ් රෝගයේ දැකිය හැකි විශේෂ ලක්ෂණයක් වෙන්නේ සමාජයට ඇතුළු වූ පසුව කාලයත් සමඟ ඡානවල වෙනස්වීම් ඇතිවිය හැකි අතර පැවැත්ම සහ රෝග ලක්ෂණ වෙනස්විය හැකි බවයි.
උගුරේ මාරුව, නහය ඉදිමීම, කිවිසුම් යෑම, උණ ආදී රෝග ලක්ෂණ නව කොවිඩ් ප්‍රභේදයේ ලක්ෂණ බවයි වෛද්‍යවරයා පවසන්නේ.
මෙම තත්ත්වය බරපතල නොවන අතර අවුරුදු 65ට වැඩි ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින් මේ පිළිබඳව අවධානය යොමුකළ යුතු බවයි සඳහන් වෙන්නේ.
මේ තත්ත්වයේ බරපතලකම ඉතාම අවම මට්ටමක පවතින අතර නිරතුරු සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසයි විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර වැඩිදුරටත් පවසා සිටින්නේ.