'' අනියත බියක් එපා '' කොරෝනා ගැන විශේෂ දැනුම්දීමක්..
Thursday, 12 June 2025 - 14:43 | Views - 215
 
 
ශ්‍රි ලංකාව තුළ මේ වනවිට කොවිඩි මරණ දෙකක් වාර්තා වී ඇති අතර අතර එම දෙදෙනාම සංකූලතාවලින් පෙළුණු රෝගීන් බව වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්‍ය, මහනුවර ජාතික රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර පවසනවා.
 
ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ ඊයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.
 
කොවිඩ් රෝගයේ දැකිය හැකි විශේෂ ලක්ෂණයක් වෙන්නේ සමාජයට ඇතුළු වූ පසුව කාලයත් සමඟ ඡානවල වෙනස්වීම් ඇතිවිය හැකි අතර පැවැත්ම සහ රෝග ලක්ෂණ වෙනස්විය හැකි බවයි.
 
උගුරේ මාරුව, නහය ඉදිමීම, කිවිසුම් යෑම, උණ ආදී රෝග ලක්ෂණ නව කොවිඩ් ප්‍රභේදයේ ලක්ෂණ බවයි වෛද්‍යවරයා පවසන්නේ.
 
මෙම තත්ත්වය බරපතල නොවන අතර අවුරුදු 65ට වැඩි ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින් මේ පිළිබඳව අවධානය යොමුකළ යුතු බවයි සඳහන් වෙන්නේ.
 
මේ තත්ත්වයේ බරපතලකම ඉතාම අවම මට්ටමක පවතින අතර නිරතුරු සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසයි විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර වැඩිදුරටත් පවසා සිටින්නේ.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top