හැමෝම බලාගෙන සිටි විදුලි ගාස්තුව ගැන දැන් ලැබුණු ආරංචිය දැනගන්න ඔබත් මග බලාගෙන ඇති.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි..
2025 දෙවන අර්ධය සදහා විදුලි ගාස්තු 15% කින් ඉහළ නංවන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහජන උපයෝගීතා කොමිසමේ සභාපති කේ.පී. එල් චන්ද්‍රලාල් මේ පිළිබඳව සඳහන්කර සිටියා.
මෙය ඉතා සාධාරණ තීරණයක් බවයි සභාපතිවරයා පවසා සිටියේ.
මේ මස පළමු වැනිදා සිට විදුලි ගාස්තු සියයට 18.3කින් ඉහළ නැංවීමට අදාළ යෝජනාව ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත පසුගියදා යොමු කරනු ලැබුවා.
ඒ පිරිවැය ආවරණය වන පරිදි කඩිනමින් විදුලි ගාස්තු ගැලපීමක් සිදු කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර තිබූ පසුබිමකයි.
ඊට අදාළව දිස්ත්‍රික් මට්ටමින් මහජන අදහස් විමසීම පසුගිය දිනවලදී සිදු කරනු ලැබුවා.
එම විදුලි ගාස්තු සංශෝධය වෙන්නේ පහත ආකාරයටයි.
ඒකක 30ට අඩු
ඒකක මිල රුපියල් 4.00 සිට 4.50 දක්වා ශත පනහකින්ද,
මාසික ගාස්තුව රුපියල් 75 සිට 80 දක්වා රුපියල් 5කින්ද ඉහළ යයි
ඒකක 30-60
ඒකක මිල රුපියල් 6.00 සිට 8.00 දක්වා රුපියල් දෙකකින්ද
මාසික ගාස්තු 200 සිට 210 දක්වා රුපියල් 10කින්ද ඉහළ යයි
60ට වැඩි වූ විට සියලු ඒකක රුපියල් 11 සිට 12.75 දක්වා ඉහළ යයි
61 - 90 මාසික ගාස්තු 400යි ස්ථාවරයි - ඒකක මිල 14 සිට 18.50 දක්වා 4.50කින්
91 - 120 මාසික 1000 ස්ථාවරයි - ඒකක මිල 20 සිට 24 දක්වා 4කින්
121 - 180 මාසික ස්ථාවරයි 1500 - ඒකක මිල 33 සිට 41 දක්වා 8කින්
180ට වැඩි මාසික 2000 සිට 100කින් ඒකක මිල 52 සිට 61 දක්වා 9කින්
ආගමික
90ට අඩු වෙනස් නෑ. 4.50 සහ 75 200 එලෙසමයි
අනෙකුත් කාණ්ඩ වල මාසික ස්ථාවර ගාස්තුව රු 50 සහ 100 කින්
ඒකක ගාස්තු 1.50 සහ 4 කින්
කර්මාන්ත
කුඩා කර්මාන්ත රු 1කින් ඒකක සහ 50කින් මාසික ගාස්තුව
කුඩා 300 ට වැඩි 4 කින් සහ 50කින්
විශාල කර්මාන්ත, හෝටල්, පොදු කාර්‍ය, රාජ්‍ය
ස්ථාවර ගාස්තු 5000මයි මාසික ඉල්ලුම ගාස්තුව රුපියල් 100කින් ඉහලට
කර්මාන්ත/ හෝටල් ඒකක
23 සිට 28. 5කින්
13 සිට 15. 2 කින්
11 සිට 12. 1 කින්