නොසන්සුන්තාවක් නිසා ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරි නීතිය..
අමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර මේ වෙද්දී පවතින තත්වය ගැන ඇසෙන අලුත්ම අරංචිය ගැනයි මේ කියන්නේ...
සංක්‍රමණික විරෝධතා හේතුවෙන්, අමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පනවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..
රාත්‍රී කිහිපයක නොසන්සුන්තාව සහ විනාශකාරී ක්‍රියාවලින් පසුව, ලොස් ඇන්ජලීස් නගරාධිපති කැරන් බාස් විසිනුයි මෙසේ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර ඇත්තේ..
ලොස් ඇන්ජලීස්හි විරෝධතා එක්සත් ජනපදය පුරා පැතිර යද්දී සියැටල්, චිකාගෝ සහ ඩී.සී. හි විරෝධතාකරුවන් සටන් පාඨ කියමින් විරෝධතා පුවරු අල්ලාගෙන, ෆෙඩරල් ගොඩනැගිලි අසල ගමනාගමනය අවහිර කර තිබෙනවා..