හිරු ශාසනාවතරණයෙන් තවත් කුලදරුවන් 15ක් සම්බුදු සසුනට.. (Video)
හිරු ශ්‍රද්ධාභිවන්දනා පුණ්‍යකර්මයට සමගාමීව දොළොස්වැනි වරටත් සිදුකළ හිරු ශාසනාවතරණ වැඩසටහන හරහා මෙවර කුල දරුවන් 15 දෙනෙකු සසුන්ගත කෙරුණා...
සම්බුදු සසුනේ චිරස්තිථිය උදෙසා හිරු ශාසනාවතරණයෙන් මේ දක්වා සසුනට දායාද කර ඇති කුල දරුවන් සංඛ්‍යාව 200කට අධිකයි...
හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක හිරු ශාසනාවතරණයේදී සසුනට එක්වන කුල දරුවන්ගේ ගිහි භාරකාරීත්වය සහ උන්වහන්සේ සියලු දෙනා අධ්‍යාපන වරමින් පෝෂණය කෙරෙන්නේ ද හිරු සභාපතිතුමාගේ දායකත්වයෙන්...
සම්බුදු සසුනේ චිරස්තිථිය උදෙසා හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ශ්‍රද්ධාපූර්වක සංකල්පයක් මත සිදුවන කුලදරුවන් පැවිදි කිරීමේ හිරු ශාසනාවතරණ පුණ්‍යෝත්සවය ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථාන පුදබිමේදී පැවැත්වුණා...
ඒ අනුව සසුන්ගතවන කුල දරුවන් 15 දෙනාගේ හිස මුඬු කිරීම ඇතුළු වතාවත් සිදුකෙරුණේ, කැලණි ගං ඉවුර අභියසයි... වතාවත්වලින් අනතුරුව එම කුලදරුවන් 15 දෙනාට චීවර පොරවා සම්බුදු සසුනට පූජා කිරීම සිදුවුණා...
හිරු ශාසනාවතරණය තුළින් මේ දක්වා කුල දරුවන් 200කට අධික සංඛ්‍යාවක් සම්බුද්ධ ශාසනයට දායාද කර තිබෙනවා...
හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ගිහි භාරකාරීත්වය යටතේ උන්වහන්සේ සියලු දෙනාට සරසවිය දක්වා අධ්‍යාපනය ලබා දෙන අතර, උන්වහන්සේ පෝෂණය කෙරෙන්නේ ද රේනෝ සිල්වා මහතාගේ භාරකාරීත්වය යටතේ වීම විශේෂත්වයක්...
හිරු ශාසනාවතරණය වැඩසටහන හරහා කෙරෙන මෙම ශාසනලැදි මාහැඟි උතුම් පුණ්‍යකර්මය පිළිබඳව එම කුලදරුවන්ගේ මව්පියන් කෘතඥතාපූර්වක ස්තුතිය පළකරනවා..