අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අද (10) අලුත්කඩේ අංක 01 මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය හෙට (11) දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කලා.
ජනාධිපති පොදු සමාව අනීතීක ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඊයේ (09) අත්අඩංගුවට ගත්තේ.
අනුරාධපුර බන්ධනාගාරයේ සිරදඬුවම් නියම වූ සිරකරුවෙකු ජනපති පොදු සමාව යටතේ අනීතික ලෙස නිදහස් කළ බවයි වාර්තා වන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඊට අදාළව අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාද පසුගියදා අත්අඩංගුවට ගත්තා.