හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන්, ඉතිහාසයේ පළමු වතාවට කැලණිය පිංබිමේ දී භික්ෂූන් වහන්සේ 1,000ක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක්... (Video)
Tuesday, 10 June 2025 - 14:09 | Views - 195

සිරිලකට උතුම් බුදු දහම උරුම වූ පොසොන් පුන් පොහොය නිමිත්තෙන් හිරු මාධ්‍ය ජාලය සංවිධාන කරන ශ්‍රද්ධාභිවන්දනා මහා පුණ්‍යකර්මය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශයෙන් අතිශය පූජනීයත්වයට පත් ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානය කේන්ද්‍රකරගනිමින් අද දවස පුරා පැවැත්වෙනවා..
මෙහිදී ඉතිහාසයේ පළමු වරට කැලණිය පුදබිමේදී භික්ෂූන් වහන්සේ දහස් නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පූජා කෙරුණේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්..
උතුම් පොසොන් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ශ්‍රද්ධාපූර්වක සංකල්පයක් මත ක්‍රියාත්මක හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන ඓතිහාසික කැලණිය රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද පෙරවරුවේ ආරම්භ වුණා..
ඒ වෙනුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකින් සැදැහැවතුන් විශාල පිරිසක් කැලණිය පුදබිමට එක්ව සිටියා.. කැලණිය රජමහා විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය දෙණියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන අද උදෑසන ආරම්භ වුණේ පැමිණ සිටි දහස් ගණනක් සැදැහැවතුන් අෂ්ඨාංග ශීලයේ පිහිටුවීමෙන්..
ආචාර්ය පූජ්‍ය දෙණියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි - විහාරාධිකාරී - කැලණිය රජමහා විහාරය ධර්ම දේශනා, කාලීන ධර්ම සාකච්ජා ඇතුළු වැඩසටහන් රැසක්ම අද දිනයේ කැලණිය රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා..
අනතුරුව දහවල් සම්බුද්ධ පූජාව සහ ඉතිහාසයේ පළමු වරට කැලණිය පුදබිමේදී භික්ෂූන් වහන්සේ දහස් නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පූජා කෙරුණේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්..
Share This Article